
(යොහාන් භාසුර
උමා ඔය ව්‍යාපෘතිය හෙතුවෙන් අසරණ වු ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබාදීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිමට සහ එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලයට යොමු කිරිමටත් තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ එම අමාත්‍යශයන්වල ලේකම්වරු ඇතුලු පිරිසක් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම තීරණය ගත් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කීය.
උමා ඔය ව්‍යාපෘතියට ඉඩ කඩම් සහ දේපළ පවරා ගත් පිරිසගෙන් තවමත් සහන නොදුන් පිරිසට සහන ලබාදීම, ව්‍යාපෘතිය ඉදිකිරිමේදි සිදුවු ගිලා බැසීම්, පුපුරා යෑම් නිසා හනි වු නිවාස සඳහා වන්දි ලබා දීම, වගා වන්දි නොලැබුනු පිරිසට වගා වන්දි ලබා දීම, ජල ව්‍යාපෘති හරහා පානිය ජලය අහිමිවු අයට පිරිසිඳු පානිය ජලය ලබා දීම, කුලී නිවැසියන්ට නොදුන් කුලී මුදල් දීම, පූර්ණ නිවාස හානි වු අයට ඉඩම් හා වන්දි දීම, පාරිසරික හානි සඳහා විදිමත් අධ්‍යානයකින් පසු පිළියම් යෙදිම, උමා ඔය පහළනිම්නයේ ජනතාවට වාරි ජලය හා විදුලිය නිපදවීම සඳහා හල්පිටිගල ජලාශය ඉදිකිරිම, සමස්ත උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවු වංචා දූෂණ අක්‍රමිකතා නීති විරෝධි කාර්යයන් පිළිබ්ඳව පුර්ණ විමර්ශනයක් කිරිම සහ මෙම ව්‍යපෘතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයෙ සිදුවන සොදා පාළුව, පාංශූ ඛාදනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනිම යන තීරණවලට එළැඹි බවද අමාත්‍යවරයා කීය.
එම කරුණු පිළිබඳව පුළුල්ව සාකච්ඡා කල බවත් ඒ අනුව මෙම අරමුණ සාක්ශාත් කර ගැනිම සඳහා රජය වෙත නිර්දේශ ලබාදිමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිම සුදුසු බවට අමාත්‍ය ලාල් කාන්ත මහතා යෝජන කළ බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමච්චලයට ගත්තාට මේක තමයි උමා ඔයේ හිල්. ඇස් නිලංකාරවෙන කොන්ක්‍රීට් ඉදිකිරීම් දැක්කාම ඒවායෙන් පොඩි මිනිහාට පරිසරයට වෙන හානි ඈත අයට පේන්නෙ නැහැ. මේවා විධිමත්ව සමාජගත කළ යුතුයි... නැත්නම් මේවායින් වාසි ගනිපු පාර්ශ්වය මිනිස්සු නොමඟ යවනවා...!
ඕකට තමයි කියන්නේ දිඨ්ට දම්ම වේදනීය කර්මය කියලා... උමාඔයේ හිලක් තියෙනවා කියලා එය කඩා කප්පල් කිරීමට ගිය මිනිහටම සිද්ද වුණා. එහි තිබෙන ප්‍රගතිය ගැන කියන්න.
ගමවර්ස ඔබ , අගතිය සහ සුගතිය අතර වෙනසවත් නොපෙනෙන තරමට මොලේ අවුල් කරලා මෙයාලාගේ පළපුරුදු කට්ටිය. හොරාකෑම අංක එක, ජනතාව අංක දෙකටත් වඩා පහළ, ඒක තමයි මේ විඳවන්නේ...!
පහුගිය පාලනය යටතේ සංවර්ධනයට සමච්චල් කරපු කටකාර මොලේ නැති මෝඩයෙක්. මේ වඳුරු හමුදාව රටට මොනවාද කරලා තියෙන්නේ? ඕනෑම NPP වහලෙකුට පසුගිය මාස 4 තුළ මොවුන් විසින් කරන ලද ප්‍රගතිශීලී යමක් නම් කළ හැකිද?
ට්‍රාන්ස්ෆොමර් ගිනි තියන තාක්ශනේ හඳුන්වාදුන්නේ මෙතුමන්ලා, තව ඉන්දියන් ව්‍යප්ත්වාදේ කියලා යටියන උළු කර්මාන්තශාලා පිච්චුවේ මෙතුමන්ලා. බස් පිච්චුවේ මෙතුමන්ලා, කෘෂිකර්ම මධ්‍යස්ථාන පිච්චුවේ මෙතුමන්ලා. දැන් ඒ උතුමන් වහන්සේලාම රටේ නායකයෝ වෙලා කජු කකා සුපිරි වාහන වල යන ගමන් සංවර්ධනේ ගැන බණ දෙසනවා.