IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උමා ඔය ඉරි තැලීම් තිබේදැයි බලන්න භූ විද්‍යාඥ කණ්ඩායමක්

(අංජුල මහික වීරරත්න)

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ  මහතා පැවසීය. 

උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හෙට දින (01) අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු නාය යාමේ හෝ වෙනත් සිදුවීමක් තහවුරු වී නැති බව කී රාජ්‍ය අමාත්‍යවරයා කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සියල්ල වෙනුවෙන් තාක්ෂණික පිළිතුරු ඇති බව  රජයක් ලෙස වගකීමෙන් පවසන්නේ යැයි කීය. එවැනි ගැටලු වලක්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ලෝකය පුරා අත්දැකීම් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (3)

උමා ඔය ඉරි තැලීම් තිබේදැයි බලන්න භූ විද්‍යාඥ කණ්ඩායමක්

ravin Tuesday, 30 April 2024 04:48 PM

මෙයා කතාකරන්නේ භූ විද්‍යාඥයෙක් වගෙයි කියලා හිතලා. මිනිහා භූ විශේෂඥයෙක් හොරෙන් පස් කපන්න!!! ළඟදීම බල්ලා මාක් එකට වැටෙන පට්ට දූෂිතයෙක්, හිරේ යන්න ලැහැස්ති වෙලා ඉන්න...

:       4       32

ජයනාත් Tuesday, 30 April 2024 05:30 PM

යකෙක්... පර්යේෂණ තියන්න කලින් ප්‍රතිඵල ප්‍රකාශ කරලා. මේ වගේ අය ඊළඟ සැරේවත් පාර්ලිමේන්තුවට නොයවන්න ප්‍රදේශවාසීන් වගබලා ගන්න.

:       3       20

Perera Wednesday, 01 May 2024 05:35 AM

මුළු පලාතම නාය යනකම් උඹලාගේ වාසියට කටට එන ඕන විගඩමක් දොඩව දොඩව හිටපල්ලා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site