
(ජේ.ඉඳුරුවගේ )
වෙළඳපොළේ දේශීය සහල් විකිණිය හැකි උපරිම සිල්ලර හා තොග මිල සහ ආනයනික සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙන වෙනම අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
දේශීය සහල් මිල නියම කිරීමේ ගැසට් නිවේදනය අනුව සුදු/රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215 ක් හා සිල්ලර මිල රුපියල් 220 ක්, මොට්ටෙයි කරුප්පන් සහ අට්ටකාරි හැර වාෂ්පයෙන් තම්බන ලද /තැම්බූ, සුදු/රතු නාඩු කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 225 ක් හා තොග මිල රුපියල් 230 ක් ,වාෂ්පයෙන් තැම්බූ/තම්බන ලද කැකුළු සුදු/රතු සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 235 ක් හා සිල්ලර මිල රුපියල් 240 ක් ,වාෂ්පයෙන් තම්බන ලද/තැම්බූ/ කැකුළු කීරි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 255 ක් හා සිල්ලර මිල රුපියල් 260 ක් ලෙස නියම කර තිබේ.
එමෙන්ම මෙම මිල ගණන් නියම කරමින් මීට පෙර නිකුත් කර තිබූ 2022 මැයි 02 දින අති විශේෂ ගැසට් නිවේදනයේ 82 නියෝගය හා 2022 ජුනි 10 නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ 83 නියෝගයද මෙම ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කර තිබේ.
ආනයනික සහල්වල උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කර ඇති අනෙක් ගැසට් නිවේදනය මගින් ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 210 ,ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 220 ,ආනයනික සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 ක් ලෙස නියම කර තිබේ.
මෙම මිල ගණන් දෙසැම්බර් 09 දා සිට බල පැවැත්වෙන අතර කිසිම ආනයනකරුවෙකු ,සැපයුම්කරුවෙකු ,බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පාරිභෝගික කටයුතු අධිකාරි පනත අනුව මෙම සහල් වර්ග මෙම උපරිම සිල්ලර හා තොග මිලට වැඩියෙන් වෙළඳාම් කිරීම,සැපයීම ,වෙළඳාමට ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති කේ.එච්.ඩී.කේ.සමරකෝන් මහතා විසින් ඊයේ (9)දාතමින් නිකුත් කළ මෙම අති විශේෂ ගැසට් නිවේදන මගින් නියම කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩක් කලේ ගැසට් ගහල, දැන් ආනයනය කරන වෙළෙන්දන්ට මල්ල කරේ, හරියට සීනි බදු වංචාව වගේ දෙයක්.
ගෝටා වගේ ගැසට් රිවස් කරන්න නම් එපා
ඔයා එක ගැසට් එකයි කියවලා තියෙන්නේ, අනිත් එකත් හෙමිහිට කියවලා බලන්න.......
මෝල් හිමියන්ගේ වාසියට මිල නියම කර ඇත. පාරිභෝගිකයා වැඩියෙන් ගෙවීමට සිදුවෙයි. සිල්ලර වෙළඳාම පාඩුවට කළ නොහැකියි. සියලු දෙනාගේම ප්‍රශ්න විසඳීමට මනා අධ්‍යාපනයකින් පසුව ගැසට්ටුව රිවස් කරන්න වෙනවා.
ඉස්සර මෙයාලා ගැසට්වලට හිනාවුණා. දැන් ප්ලේන්ටියේ මිලටත් ගැසට් ගහනවා. දිට්ඨ ධම්මවේදනීය කරුමය පටිසන් දීලා...
2500 ක ඉතිහාසයක් ඇති තුන් වේලටම බත්කාපු ජාතියකට වුණු වින්නැහිය. සේරම ජාතිය බේරගන්න එන්නේ සහ වපුරන්නේත් ජාතිවාදය... දැන් නැගිටපල්ලකෝ...!
බොහෝම අපූරු සුන්දර රැවැටීම්. මිනිසුන් පුන්නක්කු හෝ තණකොළ බුදිනවා යැයි සිතාගෙන වියයුතුයි. ජනාධිපතිවරණයට පෙර රුපියල් 200 ට අඩුවෙන් තිබූ සහල් එකවරම 210/= 220/= , 240/= ඒත් හාල් හිඟවුණා. මහමෝල් හිමියන් කැඳවා ඔවුන් සනසවා ස්ථාවර මිල රු.10කින් වැඩිකළා. එහෙම කරලා කියනවා ඒ මිලට හාල් දෙන්නලු. හාල් මෝල් හිමියන් සතුටු කරවලා මහාලොකු දෙයක් කළා වගේ මාධ්‍ය සංදර්ශන කරනවා ජනතාවට සෙතක් කළා වගේ.