IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උපරිම මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් නිවැරදි තීරණ නිසා සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකා ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ‍

එසේම පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් වසර 20ක් පැරැණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ බදු සහන ලබාගෙන ජනතාවට භාණ්ඩ මිල අඩුවීමේ සහනය ලබා නොදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොවන භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව ද ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී මෙරට අලෙවි කරන සෑම භාණ්ඩයකම උපරිම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්, එසේ නොකරන සමාගම්වලට හා නිෂ්පාදකයන්ට එරෙහිවත් නීතිමය පියවර ගන්නා බවත් නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

වෙ‍ළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (22) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 



අදහස් (1)

උපරිම මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරයි

සල්ලි Friday, 23 June 2023 07:06 AM

තවත් දේශපාලන පචයක් එන්න අපි සැවොම රැවටෙමු...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site