
(ආරියරත්න රණබාහු)
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (6) පැවසීය
ඒ අනුව අඩු වැටුපක් ලබන අයට වැඩි සහනත් වැඩි වැටුපක් ලබන අයට අඩු සහනයකුත් හිමිවන පරිදි එම බද්ධ සකස් කිරීමට අපේක්ෂා කරන බවද, ඒ සමඟම භාණ්ඩ කීපයක වැට් බදු ඉවත් කිරීමට කටයුතු කරන බව කී ජනාධිපතිවරයා ලබන මහ කන්න යේ සිට වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගේ වී මිලට ගෙන සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ලවා ඒ සහල් බවට පත්කර ජනතාවට සහන මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවපැවසීය.
ජනාධිපතිතුමා මෙම අදහස් පළ කරනු ලැබුවේ සිරස නාලිකාවේ ඊයේ විකාශය වූ සටන සජීවී වැඩසටහනට සම්බන්ධ වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමවිට පොදු යහපත වෙනුවෙන් වැඩ කරන්න, සැමදා ඔබ අපේ ජනපති වේවා.
ජනාධිපති මැතිවරණයට පෙර දීපූ ඉක්මන් පොරොන්දුත් තවම ඉටුකරලා නෑ. මේකත් ඒවගේ පුස් එකක් වෙන්න පුළුවන්.
IMF නොලැබුණොත් මේවා කරන්න ගිහිං අරයට කලින් මෙයා ගෙදර.
තවත් නොරැවටෙන්න වගබලා ගන්න. මේවා ගජ බින්න...
ස්විට්සර්ලන්තයේ මෙන්, එය ශ්‍රී ලංකාවේ සියලුම ආදායම් උත්පාදකයින්ගෙන් සමාන ප්‍රතිශතයක් අය කරගත යුතුයි. උදාහරණයක් ලෙස, යමෙකු වසරකට රු. 500,000 ක් උපයයි නම්. සහ බදු ප්‍රතිශතය 20% නම්, ඔවුන් බදු රු. 100,000 ක් ගෙවිය යුතුයි. යමෙක් වසරකට රු.100,000 ක් උපයයි නම් සහ බදු ප්‍රතිශතය 20% නම්, ඔවුන් රුපියල් 20,000 ක් ගෙවිය යුතුයි. ලංකාවේ ත්‍රිරෝද රථ ඕනෑතරම් තිබේ. ඔවුන්ගෙන් සමහරක් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයන්ය. ඔවුන්ගේ මාසික වැටුප අඩුවිය හැකියි. නමුත් ඔවුන්ට සැඟවුණු ආදායමක් තිබේ. ඔවුන්ගෙන් රජයට බද්දක් ලැබෙන්නේ කෙසේද?
මේ මුග්ධ ආණ්ඩුව අපි හැමෝම එක්ක මරාගෙන කන්න හදනවා. අපට යම් සහනයක් අවශ්‍ය බව ඇත්ත... නමුත් ඔබට APIT අඩු කළ නොහැක. මන්ද රජයට එය වෙනත් ආකාරයකින් අයකර ගත යුතු බැවිනි. AKD සහ රනිල් කිව්වේත් ඒකමයි. විපක්‍ෂයේ හිටියා වගේ ජනප්‍රිය දේශපාලනයට යන්න එපා... මොකද ඒකෙන් වෙන්නේ ඔයාට විතරක් නෙවෙයි. පොදුවේ රටට. මේක තවත් ගෝඨා 2 කථාංගයක් කරගන්න එපා...
බොරු කීම සංසාර පුරුද්දක් වෙලා...
කියපු දේවල් කරලා පෙන්නන්නකෝ...!
උපයන විට අය කරන බද්ද යනු කිසියම් පුද්ගලයකු රටට බරක් නොවී බොහෝවිට රාජ්‍ය බලපෑම් වලට ද යටත්ව තම දක්ෂකම් ආදිය නිසා බොහෝ දුක් මහන්සි වී වැඩිපුර යමක් හම්බකර ගැනීම නිසා එසේ නොකර නිකම් ඉන්න අයගේ යහපත වෙනුවෙන් ගෙවීමට සිදුවන බද්දක් එමනිසා මේ ගැන වැඩිපුර බලලා ඉතාමත් සාධාරණව අයකර ගන්න 36% වගේ අසාධාරණ නොවන...!
ස්ව උත්සාහයෙන් දියුණු වී තම රැකියාවෙන් ආදායම වැඩි කරගත් අයට මෙහෙම කරාම මරු පහරක්. ඒ අයට සිදු වෙනවා රටක් නඩත්තු කරන්න. පාලකයින් නඩත්තු කරන්න. ඒ අයගේ ජිවිත කඩා වැටෙනවා. ඒ අයගේ ආදායමෙන් 25%ක් රජය මංකොල්ල කෑවාම...!
ඉහළ වැටුප් ලබන්නේ ඉහළ රැකියා කරන අය. ඒ අයගෙන් අසාධාරණ බදු අයකර ගන්නේ නැතුව රටේ අදායම් ලබන සෑම පුද්ගලයෙකුගෙන්ම සුළු මුදලක් හෝ අයකර ගෙන අධික බදු ගෙවන්නන්ට සහනයක් දිය යුතුයි..
ඇදබානවිට ගජබින්න බද්ද ගැන මොකද හිතෙන්නේ...!
ජනාධිපතිවරණයට තිබ්බ රැල්ල මේ පාර මහ මැතිවරණයට ලපයාට නෑ...!
කරුණාකර උපයන විට අයකරන බද්ද නවත්වන්න. අද සාමාන්‍ය පවුලකට ජීවත් වීමට අඩුම ලක්ෂ 1.5 මසකට අවශ්‍ය වෙනවා. එ නිසා එය මසකට උපයන විට අයකරන බද්ද ලක්ෂ 2.5 කරන්න.