(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සියයට 36 කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස තමන් ඉදිරිපත් කළ යෝජනාව එම කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ප්‍රතික්ෂේප කළ බවත් එම සාමාජිකයන් තිදෙනා විදුලිබල මණ්ඩලය යෝජනා කළ සියයට 66 ක විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14) පැවසීය.
විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවීමට කර තිබූ යෝජනාව සමාලෝචන කර එය රුපියල් බිලියන 142 ක සාධාරණ මට්ටමකට පහත දමා යෝජනාව ඉදිරිපත් කළ බව කී ජනක රත්නායක මහතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න එම නීත්‍යානුකූල ගාස්තු යෝජනාවට විරෝධය පල කළ බව ද සඳහන් කළේය.
එම සාමාජිකයින් හෙට සිට ක්‍රියාත්මක කිරීමට අනුමත කළ ගාස්තු ක්‍රමය නීති විරෝධී, මහජනතාව දැඩි පීඩනයකට පත්කරන මෙන්ම සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් කරන විදුලි ගාස්තු ඉහළ දැමීමක් බවත් අධික විදුලි ගාස්තු යෝජනාව අනුමත කළ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ සහ ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවත් රත්නායක මහතා පැවසීය.
මහජන උපයෝගිතා කොමිසම අද (14) රැස්වූ අවස්ථාවේදී එම යෝජනාව ඉදිරිපත් කළ බව ද එහි සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු අය ගෙදර යවලා අලුතෙන් පත් කරේ ඕකට තමා
මහජනයා පිඩනයන්ට ලක්කර මඩිය තරකර ගන්නා පාලකයන්ට ජනතාව නිසි පිලිතැරැ දේවි
විදුලි බල මණ්ඩලයට අවශ්‍යතාවයට අනුව විදුලි බිල වැඩි කරන්න කොමිසමක් මොකටද? මේ කොමිසම සදහා වියදම් කරන මුදල නිශ්පල දෙයකි. ජනතාව ගැන හිතන්න බැරි මෙවැනි කොමිසම වල සමාජිකයින් නව රජයක් යටතේ අධිකරණයට ඉදිරි පත් කල යුතුමයි.
ඔය මණ්ඩලය විදුලිය ගාස්තුව සියයට දාහකින් වැඩිකලත් ඊළඟ මාසයේ කියාවි තවත් බිලියන ගණනක් පාඩුයි කියලා ඒ නිසා ඒගැන නොසොයා ඒවාට ප්‍රතිකර්ම නොකර කිසිම දවසක සාර්ථක විසදුමක් ලබන්න නම් බැහැ දේශපාලුවො හා වෙනත් බිල් නොගෙවා සිට බොල් ණය ලෙසට කපාහැරීම් වහාම නවතන්න ඕන මණ්ඩලයේ ලොක්කොත් බිල් සකසන කාර්‍යාල වල නිළධාරින් දේශපාලුවො වගේම ගෙවීම් නොකරනවා ඇති කියලා හිතන්නේ මට විතරද නැත්නම් මෙතරම් පාඩුවෙන්නෙ කොහොමද
නියමිත වේලාවට මිනිසුන් ප්‍රතිචාර දක්වනු ඇත!
සාමාන්‍ය ප්‍රජාවට එරෙහිව අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හැසිරීම ගැන මම පුදුමයට පත් විය!
සාමාජිකයන් ස්වාධීන හා සමබර නොවේ. ඔවුන් රජය ආරක්ෂා කරයි .
කටු කන කොන්ද පණ නැති නිවටයින් එහෙයියන් ස්වාධීන කොම්ෂන් සභා වැනි උසස් ආයාතන වලට පත්වු විට සිදුවන වීනාශය තමයි මේ පෙන්වන්නේ. මෙම කොමිසන් සභාවලට ව්‍යවස්ථාසභාව යන දේශපාලන අටමගලයෙන් තොරව පුද්ගලයන් පත් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කල යුතුය.
කොමිෂන් සභා කියන්නේ ආණ්ඩුව ම බව මින් පැහැදිලි නේද . ඒවට පත් කරන්නේ ආණ්ඩුව ට ඕන අය. ගන්නෙ ආණ්ඩුව ට අවශ්‍ය තීරණ . අනෙකුත් කොමිෂන් සභා ගැන කියන්න තියෙන්නේ එච්චරයි .
ඔය ටික කරගන්න තමයි කොමිසමට අලුතෙන් ඇම්බැට්ටයො ඒව්ෙව්. ජනතාවගෙන් පලිගන්න ආණ්ඩුවක්..
සාමාජිකයන් පත්කරන ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකරන්නට ඔවුන්ට බැඳීමක් ඇත. ඒ කියන්නේ මේව ස්වාධීන සභා නොවේ කියල නේද?
එ කියන්නෙ රනිල් අලුත් ගේමක් ඉල්ලනවා. .. 9 චන්දේ දේතිබ්බොත් එයාගෙ අමුඩෙ වත් බෙර ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනව..
රාජ්‍ය නිලධාරීන් කිවුවට මෙයාලා දේශපාලන පත්වීම් .දේශපාලන හිතවත්තු
මේ වගේ ජනතාව ගැන නොසිතන, ප්‍රධාන දේශපාලුවන් රැකුණු අපතයින් ගැන අවධානයෙන් සිටිමු. මොවුන්ගේ ක්‍රියා නිසා අපේ ළමයින්ද පීඩනයට පත්වන බැවින් අපි මොවුන්ගේ ළමයින් ගැනද සොයාබලමු...
රටට සාපයක් වෙච්චි මේ ආණ්ඩුවට කඩේ යන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.