(නිමල කොඩිතුවක්කු)
ලබන මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවත්විය යුතු වුවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මැතිවරණය කල් දාන්න උප්පරවැට්ටි යොදමින් සිටින බව විපකශයේ ප්‍රධාන සංවිධායක ලකෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මැතිවරණයක් පැවතියහොත් ආණ්ඩුවටත්, එකසත් ජාතික පක්ෂයටත් ඇපත් නොමැති බැවින් විවිධ උප්පරවැට්ටි යොදමින් කල්මැරිමට කටයුතු කරන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
උඩුදුම්බර ආසන බලමන්ඩලය අමතමින් විපකෂයේ ප්‍රධාන සංවිධායක ලකෂ්මන් කිරිඇල්ල මහතා තවදුරටත් මෙසේද කීවේය.
“ලබන අවුරුද්දේ මාර්තූ මාසේ වෙනකොට ප්‍රාදේශිය සභා මැතිවරය තියන්නම ඕන, නමුත් දැන් ජනාධිපතිවරයාට මේක කල් දමන්න ඕන වෙලා තියන්වා. මැතිවරනය තිබ්බොත් ආණ්ඩුවටයි එක්සත් ජාතික පක්ශයටයි ඇපත් නැ. දැන් මතිවරණ ක්‍රමය හොද නැහැ කියලා මැතිවරනය කල් දමන්න හදනවා.මේ මැතිවරන ක්‍රමය ගෙනාවේ වත්මන් ජනාධිපතිතුමාමයි. ප්‍රාදේශියා සභා නගර සභා මැතිවරන ක්‍රමය, මන්ත්‍රී සංඛ්‍යාව, කාන්තා නියොජනය වැඩි කෙරුවේ එතුමා අගමැති කාලේ. දැන් හිටපු ගමන් කියනවා ක්‍රමය හොද නැ කියලා. ක්‍රමය නෙවේ මැතිවරන කල් දාන්න උප්පරවැට්ටියක් හොයන්නේ. අළුත් ක්‍රමයක් හදනවා කියලා සිමා නීර්නය කරන්න තියන්වා කියලා මැතිවරනය කල් දාන්නයි හදන්නේ. අපි එතුමාට කියන්න කැමතියි එතුමා මැතිවරනය කල් දාන්න හැදුවොත් අපි අධිකරණයට යනවා, අපිට හොදටම විශ්වාසයි අධිකරණයෙන් සාධාරන තින්දුවක් ලැබෙවී කියලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඔයාලත් යනඑන මං නැතිවෙයි වගේ තමයි පේන්නේ...!
ඇත්තම තමයි , දුවත් බලාගෙන ඉන්නවා හයිවේ හදන්න .
මින් පසු ලංකාවේ කිසිම මැතිවරණයක් තියෙන්නේ නැත.
උප්පරවැට්ටි නොවෙයි අපිට පළාත් පාලන ඡන්ද එපා එපා එපාමයි. පැරණි දිසාපති කොමසාරිස් පාලනයට ක්‍රමයට යමු. .