(අමදෝරු අමරජීව )
මහවැලි ගඟ මුහුදට වැටෙන කින්නියා උප්පාරු කලපුවේ ධිවර කටයුතුවල යෙදුන දෙදෙනෙකු ඔරුව පෙරලි මියගොස් සිරුරු පාවෙමින් තිබියදි අද (14) සොයා ගැනිමට හැකිවු බව කින්නියා පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කින්නියා ,පයිසාල් නගර් පදිංචි උදය රූබන් හා ත්‍රිකුණාමලය , වාලයූත්තු පදිංචි පුෂ්ප රාසා නැමැති අයයි .
මියගිය දෙදෙනෙකු පෙර දින රාත්‍රි ධිවර කටයුතු වලට ඊච්චන්තිව් ප්‍රදේශයෙන් උප්පාරු කලපුවට ඔරුවකින් ගිය බවත් නොපැමිණීම කින්නියා පොලිසියට ඥාතීන් කල පැමිනිල්ලකට පොලිසිය එම දෙදෙනා සොයා මෙහෙයුමක් දියත් කර තිබුණි.
කින්නියා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.එච්.සී.කේ.ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවිම යටතේ සිදු කල සෝදිසියකදි මෙම මළ සිරුරු දෙක සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd