(ඉන්දිකා රාමනායක)
ගාල්ල අක්මීමන පොලිස් වසමේ මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සෙබළා සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබෙන තෙක් පොලිසිය විසින් බූස්ස 581 වන බලසේනාධිපතිවරයා වෙත බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම හමුදා සෙබළා අද (05) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ අවසරය මත මෙලෙස රඳවා තබාගැනීමට කි‍්‍රයා කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි අවස්ථා රේගුලාසි පනත අනුව කි‍්‍රයා කරන බැවින් නීතිපති වාහම නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට අධිකරණය විසින් අක්මීමන පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකරන ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය හරිම කණගාටුදායක එකක්. ඉවසිම නැතිව කොහොමද තුවක්කුවක් එක්ක වැඩ කරන්නේ. රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කල යුතුය.
අහිංසක පවුලක් විනාශ කලා. හෙන හතම වදිනවා තමයි...
ආයුධ සන්නද්ධ සොල්දාදුවෝ පාසල්වල මුරට යොදවන්න සිද්ද වුණු හේතුව හැමෝටම අමතකයි... බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සාමාන්‍ය අන්තවාදියගේ සිට ඇමතිවරයා දක්වා සියලුදෙනා වහාම පරීක්ෂණ කර අත්අඩංගුවට ගෙන රජය මේ සම්බන්ධව ජනතාවට රට ආරක්ෂිත බවේ සහතිකයක් නොදුන්නු නිසා තමයි මෙවැනි අවාසනාවන්ත සිද්ධි කිහිපයක්ම වෙන්න හේතු වුනේ... හෙටත් මෙවැනි සිද්ධියක් වෙන්න පුළුවන්, කාටවත් නැහැ කියන්න බැහැ. සියල්ලට මුල රජයේ විපක්ෂයේ සියලු දේශපාලුවන්ගේ අසමත්කම්..
දැන්වත් හමුදාව පාසල් මුර කරන වැඩෙන් අයින් කරන්න. නැත්නම් තවත් ජීවිත නැති වෙලා තමයි නවතින්නේ.
මැරුණ කෙනා කියන දේ අහලා තිබ්බා නම් වෙඩි තියනනේ නෑනේ. රාජකාරිය කරපු කෙනා වැඩේ හරියට කරල තියෙනවා.
රට බල්ලාට ගොස් හමාරයි.
පාසලේ මුරට යෙදූ හමුදාවේ පුද්ගලයාගේ වැරැද්දක් නොමැත. පාසලේ විදුහල්පති සහ ගුරුවරු සහ දෙමාපියන් සහ අද්යාපන නිලදාරීන් මෙයට වගකිවයුතුය. පාසල් වේලාවෙන් පිටත යම් කෙනෙකු පාසලට පැමිණෙන්නේ නම් ඒ සඳහා ක්‍රමවේදයක් තිබිය යුතුය. පාසලේ මුරට සිටින පුද්ගලයන් දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම කළයුතුය. තමුන්ට ඕනෑ විදිහට පාසලට ඇතුල්වීමට ඕනේ නම් මුරකරුවන් වුවමනා නැත. පාසලේ ගුරුවරුන්ට ළමයාගේ අසනීපය දෙමව්පියන්ට දැනුවත් කරන්න පුලුවන්නම් ඇයි මුරට සිටින පුද්ගලයාව දැනුවත් නොකළේ... ගොඩක් මිනිසුන් ඉගෙන ගත්තට බුද්ධිය නොමැත. සෑම පුද්ගලයෙකුටම නීතියට අවනත විය යුතුය. බලපෑම් කිරීමෙන් බලපෑම්වලට යට නොවන පුද්ගලයන් නිකරුනේ අමාරුවේ වැටේ...
මේ සිද්ධියේදී හරි කවුද? වැරදි කවුද? කියන එක ඉතින් පරීක්ෂණයක් කරලා තමයි හොයාගන්න වෙන්නේ. මිය ගිය කෙනා නාවික හමුදාවේ හිටපු කෙනෙක්... ඉතින් ඔහු නීතිය නොදැන සිටියා වෙන්න බෑ. වෙඩි තිබ්බේ පාබල හමුදාවේ කෙනෙක්. වෙන පුද්ගලික අරාවුලක් දුර දිග ගොස් සිදුවුණා වෙන්නත් පුලුවන්...
මෙතන මියගිය පියා නාවික හමුදාවේ සේවය කළ අයෙක්... තම දරුවා අසනීප වුණා කියා ආරක්ෂක කලාපයකට ඇතුළු වීමේදී පිළිපැදිය යුතු නීති ඇත.. අනෙක සාමාන්‍ය දිනයකදී වුවද පාසලට අනවසරයෙන් ඇතුළු වීමට නොහැක. ඒ සඳහා කළයුතු වැඩ කොටසක් ඇත.. දරුවන් සිටින දෙමාපියන් මේ ගැන දැනුවත් ඇත.. මුලින් ආරක්ෂක නිලධාරියාට දැන්විය යුතුයි.. තමන් ආ කාරණාව එය කෙතරම් හදිසි කාරණාවක් වුවත්.. තම දරුවා අසනීපයි කියා මේ ආකාරයෙන් සිහිවිකල් වී වැඩ කරන්නේ කෙසේද..? හදිස්සියට කොරස් කටේත් අත දමන්න බැරිය කියලා කියමනක් තියෙනවා නේද..?
ළමයා ලෙඩ වුණා. පාසලේ ප්‍රථමාධාර කාමරයේ ක්ෂණික පියවර ගන්න ඕනේ... ඊටපස්සේ හරිනොයනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළයුතුයි. දැන් ඔය අැම්බියුලන්ස් එහෙම තියනවා නේද? රටේ ප්‍රමාණයටත් වඩා එකකට කතා කරන්න තිබුණා. ඒ ළමයට ප්‍රතිකාර කරන අතර ඕනේ භාරකාරවරුන් දැනුවත් කරන්න. හදිසිනීතියට අනුව ආරක්ෂකයින් ඉන්න විට පාසලට දරුවාගේ දෙමව්පියෙක් එන බව එම ආරක්ෂකයාට දැනුවත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ තැනැත්තාට පාසලට ඇතුළුවීමට ඉඩදෙන්න කියලා. මේ එකක්වත් මෙම පාසලේ පරිපාලනයෙන් හෝ විදුහල්පති ආචාර්ය මණ්ඩලයෙන් සිදුවෙලා නැහැ. මේක පාසල් ආරක්ෂක නිලධාරියා පිට පැටවීම තනිකරම නීතියට පටහැනි බවයි මගේ අදහස. පාසල් පරිපාලනය විදුහල්පති ආචාර්ය මණ්ඩල මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළයුතුමයි. මේ අය බබ්බුද මේවා ඉගෙනගෙන නෙමෙයිද මේ තනතුරුවලට එන්නේ? වර්ජන කරන්න නම් රුසියෝ...
මට මතක් වෙනවා මේජර් ජනරාල්වරයකු කියූ කතාවක්. ත්‍රස්තවාදී වැටලීමකදී ත්රස්තවාදීන් දෙසට අත් බෝම්බයක් දමා ගැසීමට අත ඔසවනවාත් සමගම ගැබිණි කාන්තාවක් ඉදිරියට පැමිණියේලු. මානව, දයාවෙන් තුෂ්ණීමභූතව දෙවරක් කල්පනාකරනවාත් සමගම බෝම්බය අතේ පත්තු වී සෙබලාට අත අහිමි වූයේලු. ත්‍රස්ත පිරිස පැන ගියේලු. එහෙම පැනගත්තු ඒ ත්රස්තයන් තවත් විනාශයන් කීයක් කරන්නට ඇත්ද? ඒ නිසා ත්‍රස්තවාදී විනාශයන් වැළැක්වීමට දෙවරක් සිතසිතා කල් මැරීම සුදුසු නැත. එසේ දෙවරක් සිතසිතා ක්‍රියාමාර්ග නොගෙන කල්මැරීම නිසා අප්‍රේල් 21 විනාශය සිදුවී ඇත. හමුදාවට එම කාර්යය ඉටුකිරීමට පහසු වනු පිණිස දෙමව්පියන්ද, සාමාන්‍ය ජනතාවද තම තමන්ගේ සීමාවල් හඳුනාගෙන කටයුතු කිරීමෙන් අපගේ ජීවිතත්, දරුවන්ගේ අනාගතයත් රැකගැනීමට දායකවිය හැකිය. (ත්රස්තයාට හැම ක්‍රමයක්ම වාසිදායකයි. සිද්ධිය හේතුවෙන් ඉදිරියේදී දෙමව්පියන්ද, ත්‍රස්තවාදීන්ද, පරිපාලකයින්ද දෙවරක් සිතා නීත්‍යානුකූලව කටයුතු කරනු ඇත. හමුදා සෙබලා වැරදිකරුවකු කළහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය පුස්සක් වනු ඇත.)
අපි ටිකක් මෙහෙම හිතමුද? දැන් පාසැල්වල මුරට ඉන්න හමුදා සෙබලුන් තම තමන්ගේ දරුවන් පාසලේදී අසනීප වූ බවක් දැන ගත්තොත් හැඟුම්බර වී, කලබල වී තම ආයුධයත් පැත්තකට දාලා ඒ දරුවව සොයාගෙන පිස්සුවෙන් වගේ ඉස්කෝලවලට ඇතුල්වුණොත් මොන වගේ තත්වයක් උද්ගත වෙයිද? හරි... අඩුම ගානේ අසනීප වූ දරුවන් බැලීමට එන සෑම පුද්ගලයෙකුටම අනේ පව් අනේ කියලා පාසැල් ඇතුළට යන්න හැරියොත් කොහොම වෙයිද? පාසැල් ආරක්ෂාවට දෙමව්පියන් යෙදෙව්වත්, කොන්ද පණ නැති හමුදා සෙබලුන් යෙදෙව්වත් ප්‍රතිඵලය සමානයි. ඒ ප්‍රතිඵලය තමයි ත්රස්තවාදියා ඒ දුර්වලකමින් ප්‍රයෝජන අරගෙන තවත් විනාශයක් සිදුකරනවා. නීති විරෝධීව ඇතුල්වෙන්න ආවොත් වෙඩි කන්න වෙන බවට විශ්වාසය තහවුරු කළොත් හැමෝම පරිස්සමින් නීතිගරුකව වැඩ කරාවි... මේ හැමදෙයක්ම ත්‍රස්තවාදය වළක්වන්න කරන දේවල්... අපි කවුරුත් ඒකට සහය දෙන්න ඕනේ... ඒකතේරුම් ගන්න ඕනේ... ඒ සෙබළාට එක් පියෙකුද නැත්නම් දරුවෝ දහස් ගණනක්ද කියන සිතුවිල්ල සහ වගකීම ක්ෂණිකව සිතන්නට එන්න ඇති... තමාට පැවරී ඇති වගකීම වන දරුවන්ගේ ආරක්ෂාව පැත්තෙන් සෙබලා නිවැරදියි.
සිදුවීම ගැන කණගාටුයි... නමුත් සොල්දාදුවාට ඉහළින් තිබෙන නියෝග තමයි කිසිවෙකුට පාසල ඇතුළට යන්න දෙන්න එපා යන්න. සොල්දාදුවන්ට තමන්ගේ මනාපය ක්‍රියාත්මක කිරීමට ඉඩ දී නැත. බලහත්කාරයෙන් ඇතුල්වීම ඔහුගේ සැකය වැඩිකළා. හොඳයි අතුළට ගියේ ත්‍රස්තවාදියෙක් නම් යන්නට දීම ගැන මෙම සොල්දාදුවා කෝට් මාෂල් කිරීම හමුදාව පමණක් නොව ජනතාවද කරනු ඇත. රටේ ආරක්ෂාව කියන්නේ ඒ සඳහා පැනවූ නීතිවලට අනුව ක්රීයා කිරීමය. හිතුවක්කාර ලෙස නීති වලට අනුමත නොවනවා නම් මේ ප්‍රතිපල භුක්ති විඳීමට සිදුවේ.
ඔය අනුර කියන කෙනාට කියන්න... මැරුණු පුද්ගලයා අයි.එස්. කාරයෙක් වුණා නම් ළමයි 100ක්, 200ක් මැරුණා නම් මොකද වෙන්නේ...
මෙතන බහින්බස් වීමකින් පසුව සිදුවූ වෙඩිතැබීමක්. ක්ෂණික කෝපය. දෙදෙනාම පරිණත නැත.
මේකයි ඇත්ත සිද්ධිය... මැරුණු කෙනා පාටියක ඉඳන් ඇවිත් තියෙන්නේ බීමත්ව... ආරක්ෂාවට තර්ජනය වන මෙවැනි දේ නිසා නීතිය ක්‍රියාත්මක කරන අයගේ වැරැද්දක් නැහැ. අයිසිස් කාරයෙක් මෙහෙම ඇවිල්ලා ළමයි 100ක්- 200ක් විතර මැරුවා නම් ඇස් ඇරෙයි ඔබලාගේ.
මෙහි අදහස් පල කර ඇති බොහෝ අය තම අදහස් දක්වා ඇත්තේ සත්‍ය සිද්ධියෙන් බැහැරවී තම තමන්ගේ මනකල්පිත ලෝකවල සිට මියගිය මිනිසාව තලු මරමින් භක්ෂණය කරමින් බව පෙනේ...
හමුදා සෙබළාට බනින හැමෝම අයිසිස්ලා තමයි...
එතකොට ත්රස්තවාදීන් පාස්කු දිනයේදී අහිංසක පවුල් කියක් විනාශ කළාද..? මොලයක් දීලා තියෙන්නේ හිතන්න. පාසැල් ආරක්ෂක කලාප කරලා තියෙන එක අමතක කරන්න එපා.එහෙම කරලා තියෙන්නේ ඇයි කියන එකත් අමතක කරන්න එපා.මේ වෙන දේවල් දිහා බැලුවම බොහොම කල කිරෙනවා මේ අගතියටපත් පුද්ගලයා මේ පාසලට දෙවතාවක් පැමිණ තිබෙනවා ඔහුට පළමු වතාවේ පාසලට යන්න නොලැබුනානම් ඇයි දෙවන වතාවේ පාසලට එන්න කලින් විදුහල්පතිට කතා නොකළේ ඔහුට පාසලෙන් කතා කලානම් ඔහුට ඇතිවී තිබෙන ගැටලුව පාසලට දැනුම් දී හමුදා නිලධාරියට ඒ බව පාසැල තුලින් දැනුවත් කරන්න තිබුන උදේ 9යලිත් උදේ11 පසලට් පැමිණ මොහුගේ හමුදා උෂ්ණය පෙන්වීමට යාමෙන් මෙය සිදුවී ඇති බව පැහැදිලී ඔහු හොදටම දන්නවා රටේ නීතිය අනෙක මේ රැකගන්නේ තමන්ගේ දරුවෝ බව ඒ සියල්ල දැනගන මොහු මේ දේ කලේ ඔහුගේ බලය පෙන්වා හමුදාවේ නිලධාරිය අපහසුතාවට පත් කරන්න එක කවුරුත් හොදින් අවබෝද කරගත යුතුයි .... දෙමාපියන්ට පාසල් රැක ගන්න කියල රටේ සියලු පාසල් වලින් හමුදාව ඉවත් කරන්න කියල මම හමුදාපතිතුමාගෙන් ඉල්ලන්නේ
උදේ වරුවටයි, දවල්වරුවටයි පාසල් ළඟට ගොස් බලන්න කොච්චර අනතුරුදායක තත්වයක්ද පෙන්නුම් කරන්නේ කියලා. දෙමාපියෝ රොතුපිටින් ඒ අවට සැරිසරනවා. විශේෂයෙන් දවල් වරුවට... මෙවැනි අවස්ථාවක ආරක්ෂක කටයුතුවල නියැලී ඉන්න කවුරුත් අපහසුතාවයකට පත්වෙනවා. එවැනි අවස්ථාවක මෙවැනි අනපේක්ෂිත දෙයක් ඇති වුණාම සිදුවූ අනතුරක් හැටියටයි මම දකින්නේ...
මම සොල්දාදුවෙක් නම් මගේ ආයුධය (වෙපන් එක ) ගන්න පොර කෑවනම් මම වෙඩි තියනවා ඒ මගේ රාජකාරියම වගේම ලෝකයේ යුධ හමුදාවේ නියමයකි.
දරුවෙක් ලෙඩ උනානම් විදුහල්පති බලාන ඉදීද දෙමාපියන් ඒනකම්. දරුව මැරෙනකම් පාසලේදී. දෙමාපියන් කලබල නොවිය යුතුයි. ඒ් ගැන මෙ මරණයට මුල විචාර බුද්ධයක් නැති කම. යුදහමුදා සෙබලා අකුරට රාජකාරී කලා. විරුවණි අපි ඔබ සමගයි.