උපාධිධාරීන්ට රැකියා දීමේදී බාහිර උපාධිය නුසුදුසුකමක් ලෙස සලකන්නේ කුමන නිර්ණායක අනුවදැයි ආණ්ඩුව වහාම ප්‍රකාශ කළ යුතු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
විපක්ෂනායකවරයා මෙසේ ද කීය.
වර්තමාන ආණ්ඩුව රජයේ රැකියා අවස්ථා ලබා දීමේදී උපාධිධාරින් එම රැකියා අවස්ථාවලට යොමු කිරීම සඳහා කිසිදු නිවැරදි ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන්, උපාධිධාරින් දැඩි අසරණ තත්ත්වයකට මේ වන විට පත්ව තිබේ. එම රැකියා අවස්ථා ලබා දීමට මේ දක්වා කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොකර සිටින්නේ ඇයි ද? කියා ආණ්ඩුව විසින් මෙම සභාවට පිළිතුරු දිය යුතුයි.
මෙම යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ප්‍රකාශ කරනු ලැබුවේ නව රැකියා අවස්ථා ලබා දෙන බවයි. මේ වන විට වසර 4 1/2 ක් ගත වී ඇතත්, රැකියා අවස්ථා ලබා දෙනවා වෙනුවට මෙම ආණ්ඩුව කරනු ලැබුවේ හාරලක්ෂ පනස් හතර දහසකට රැකියා අවස්ථා අහිමි කිරීමයි. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකු 2018 වර්තාව මඟින් තහවුරු වේ. වසරක මේ ආණ්ඩුව විසින් ජාතියේ දරුවන්ට අහිමි කරනු ලබන රැකියා ප්‍රමාණය ඒ අනුව ලක්ෂය ඉක්මවා තිබේ.
ආණ්ඩුව රැකියා ලබා දුන්නේ නම් විරැකියාව අවම වී රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටලුවලට ද විසඳුම් ලැබිය යුතුව තිබුණි. නමුත් එවැනි දෙයක් සිදුවී නොමැත.
මේ වන විට උපාධිධාරින්ට රැකියා ලබා දීමට අදාළ බඳවා ගැනීමේ නාමලේඛන දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වුව ද එය නිසි පරිදි ඉදිරිපත් කර නොමැති බවට පැමිණිලි රැසක් මේ වන විට ද ලැබී ඇත.
2018.08.20 දින ඉහළම ලකුණු ලබාගත් උපාධිධාරින් පිරිසක් පත්වීම් ලබා දීම සඳහා අරලියගහ මන්දිරයට කැඳවා එම උත්සව ශාලාවෙන් ඉන් කණ්ඩායමක් ඉවත් කරනු ලැබුවේ ඔවුන් බාහිර උපාධිධාරින් බව පවසමිනි. බාහිර උපාධිය එම බඳවා ගැනීමට නුසුදුසුකමක් ලෙස මෙම ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ කෙසේ ද?
මෙය මොන තරම් අයුක්තිසහගත ද? අසාධාරණ ද? යහපාලනය තම ප්‍රතිපත්තිය බව පවසන ආණ්ඩුවකින් මෙවැන්නක් බලාපොරොත්තු විය හැකි ද?
අදාළ ගැසට් පත්‍රයෙහි එවැනි සඳහනක් නොමැති නම් බාහිර උපාධිය නුසුදුසුකමක් ලෙස සලකන්නේ කුමන නිර්ණායක අනුව ද කියා ආණ්ඩුව වහාම පිළිතුරු ලබා දිය යුතුව ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනවලට බාහිර උපාධිධාරින් කිසිවකු ඇතුළත් නොකිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන්නේ මන් ද? කියා මේ අවස්ථාවේදී අපි දැඩිව ප්‍රශ්න කරමු.
මේ ආකාරයෙන් බාහිර උපාධිධාරීන්ට වෙනත් හැන්දකින් බෙදීමට ආණ්ඩුව ක්‍රියා කළ නිසා ඔවුන්ට රැකියාවක් ලබා ගැනීමේ වයස් සීමාව ද ඉතා වේගයෙන් ඉක්ම යමින් තිබීම ගැන ද ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.
පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන අපගේ ආණ්ඩුව මගින් උපාධිධාරින්ට රජයේ නව රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහන අදියර කිහිපයක් යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව රටම දන්නා කරුණකි.
එහිදී නව රැකියා අවස්ථා උපාධිධාරින් 90,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වූ අතර එම අවස්ථාවේදී කිසිදු දේශපාලන භේදයකින් තොරව, අභ්‍යන්තර හෝ බාහිර සලකා බැලීමකින් තොරව වයස් සීමාවකින් තොරව සහ උපාධියේ විෂයයන් ගැන නොසලකා රැකියා අවස්ථා ලබා දී රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටලුවටද විසඳුම් ලබා දුන් බව මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුව තිබේ.
බාහිර උපාධිධාරීන් අදාළ වර්ෂයට ඇතුළත් කර නොගැනීමටත් තරග විභාගයේ ලකුණු අනුව පත්වීම් ලබා නොදීමටත් ක්‍රියාකළේ කෙසේද? කියා රටට පැහැදිලි කළ යුතුව තිබේ.
සියලුම උපාධිධාරින් තම අධ්‍යාපනයට සරිලන රැකියා අවස්ථා ඉල්ලන විට ඔවුන්ට මහ පාරේදී පසුගිය වසර 4 1/2 තුළ ලැබුණේ යහපාලන කඳුළු ගෑස් බව ද මෙහිදී සිහිපත් කර දීමට කැමැත්තෙමි.
පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර වර්තමාන ආණ්ඩුව සියලුම රැකියා විරහිත උපාධිධාරින් කැඳවා රැකියා ලබා දෙන බවට පොරොන්දු වුණි. නමුත් එම පොරොන්දුව ද මෙම ආණ්ඩුව කඩකර තිබෙන බව එම උපාධිධාරීහුම ප්‍රකාශ කරති.
රැකියා බලාපොරොත්තුවෙන් සිටින සියලුම උපාධිධාරින්ට රැකියා අවස්ථා නිවැරදි ආකාරයෙන් ලබා දීමට අදාළ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට වසර 4 1/2 ක් තිස්සේ නොහැකි වුණු ආණ්ඩුව ඉදිරි මාස කිහිපය තුළ මෙම ජාතික ගැටලුව විසඳන්නේ කෙසේ ද? කියා වහාම රටට හෙළි කළ යුතුව ඇත.
විපක්ෂනායකවරයා අදහස් දැක්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.
අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට පිළිතුරු දීම පමා කරනවා. අගමැතිවරයාත් පිළිතුරු දීමට සභාවේ නැතිනම් ඇමැතිවරු උත්තර දෙයි ද? ආණ්ඩුව ප්‍රශ්නවලට පිළිතුරු නොදී කියන්නේ මහ පාරේ මේ ප්‍රශ්න විසඳාගන්න කියා නම් අපි එයට සූදානම් යැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාහිර උපාධි නෙමෙයි, එකෙක්ටවත් තැනක් ගන්නේ කොහොමද නාමල්ලා හොරෙන් විභාග ලියනකොට... ඔක්කොම බලුවැඩ කරලා බලය නැති වුණාම ඔක්කොම බබාලා වෙනවා.
අගමැතිට ඕවට වෙලාවක් නෑ.. පුංචි කාර් එකේ නැගලා ගමට ගිහින් ජිම් එකක් දෙන්න.
පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන අපගේ ආණ්ඩුව මගින් උපාධිධාරින්ට රජයේ නව රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහන අදියර කිහිපයක් යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව රටම දන්නා කරුණකි. එහෙම සාර්ථකව ක්‍රියාත්මක වුණා කියා රටම දන්නවා නම් මොකද රටේ ජනතාව... සාටකයින්ව හකුලලාම ගෙදර යැව්වේ?
බාහිර උපාධියක් තියෙන කෙනෙක්ටම තමයි බාහිර උපාධි ගැන කැක්කුමක් තියෙන්නේ...
රට වනසන්නේ නැතුව ඉන්න හලෝ. බාහිර උපාධියට රජයේ රැකියා දෙන්න ආණ්ඩුව බැඳිලා නෑනේ. තමන් බාහිර උපාධියක් ගත්තා කියන්නේ පුද්ගලික විශ්වවිද්‍යාලයීය උපාධියක් ගත්තා වගේ... තමුන් දැන ගන්න ඕනෑ ජොබ් එකක් හොයාගන්න. ඉන්න උපාධිධාරීන්ට දිගට හරහට දුන්නට මෙයාලට පඩි ගෙවන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මිසක් ඔයා ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නෙමේනේ... 70 පැනපු මුත්තේ... රට කන්නේ නැතුව අර හාමු මහත්තයා එක්කම විශ්‍රාමයන්න.
ලෝකේ හෝ රටේ ඕනෑම තැනකින් උපාධි ලබාගැනීමට ඕනෑම කෙනෙකුට නිදහස හා පහසුකම් අද ඕනෑතරම් ඇත. එසේම තමන්ට සුදුසු රස්සාවක් ලෝකයේ හෝ රටේ ඕනෑම තැනකින් හොයාගැනීමටත් ඕනෑම කෙනෙකුට කිසිම බාධාවක් නැත. ඒසේ රස්සාවල් හොයාගැනීමට ඉන්ටර්නෙට් හා ප්රවෘත්ති පත්‍රවල දැන්වීම් වලින් පුළුවන්කම තිබියදී රජයෙන් රස්සාවල් සොයා දියයුතුයි කියන කතාව අද කාලෙට ගැලපෙන්නේ නැහැ නේද?
උපාධි ගැන දැනුමක් නැති අය කතා නොකර ඉන්න. බාහිර, අභ්‍යන්තර කවුරු වුණත් උපාධි උපාධිමයි. රජයෙන් රැකියා දෙන්න ඕනෑ. නැත්තම් මුහුදු යන්නද කියන්නේ... කැම්පස් ටික වහන්න. එතකොට ගැටලුව සදහටම ඉවරයි. අවුරුදු 25ක් විතර යන්න දෙන්න. ඊට පස්සේ උපාධියේ වටිනාකම දැනෙයි රටට. උගත් කමට ගරහන්න එපා. එ්ක අභ්‍යන්තර වුණත් බාහිර වුණත්. මේ සේරම රටේ සම්පත්. එ්වට ගරහන්න එපා. කැම්පස් වහන්න. අවුරුදු 10ක් යනකොට උපාධි නැතිකමේ විනාශය පෙනේයි. මහින්ද රාජපක්ෂ දන්නවා උපාධි ධාරීන් රාජ්‍ය සේවයට අරගෙන මොනතරම් සේවයක් වුණාද කියලා පහුගිය අවුරුදු 10 තුළ...
උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන්නම ඕනෑකියලා නීතියක් නැහැ. ඒක දේශපාලකයෝ තමන්ගේ වාසියට හදාගත්ත නීතියක්...
පේනවා නේද කට ඇරියොත් ජනතාවගෙන් ලැබෙන දේ ..