(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා තමාගෙන් උදුරාගත් ලිපි ගොනුවේ තිබූ වටිනා ලියකියවිලි අස්ථානගත වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම වටිනා ලියකියවිලි නැතිව අදාල ලිපිගොනුව නැවත බාර නොගන්නා බවද විපක්ෂනායකවරයා පැවසීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ  අදාල ලිපිගොනුව තමාට ලැබී ඇති බවත් එය විපක්ෂ නායකවරයාට ලබාදීමට හැකියාව ඇති බවත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-

එපා .ඒකෙ තියෙන වටිනා ලියකියවිලි වගයක් අස්ථානගත වෙලා.වේත්‍රධාරීවරයා ඒක මට ගෙනත් දුන්නා .මම ඒක ඇල්ලුවෙවත් නෑ.පස්සෙ කියාවි මම ඒකෙ තිබුණ වටිනා ලියකියවිලි හැංගුවා කියලා.