
(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((31) නිවේදනය කළේය.
දෙසැම්බර් මාස උද්ධමනය සියයට සෘණ 1.7 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
ආහාර නොවන කාණ්ඩයේ ජනවාරි මස උද්ධමනය සියයට සෘණ 4.7 ක් බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය දෙසැම්බර් මාස සියයට සෘණ 3.0 ක පැවති බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගෙඩියක් ගත්තා රුපියල් 240ක් වෙනවා එකක්. ගෙඩි 4කට 960ක් ගියා.
උද්දමනයේ අර්ථදැක්වීම නම් භාණ්ඩ හා සේවාවල දිගින් දිගටම ඉහල යාමයි . ඒ අනුව උද්දමන අනුපාතය මගින් නිරූපනය වන්නේ බඩුමිල වැඩිවීමේ වේගයයි. එම අනුපාතය බින්දුව නම් බඩුමිල නොවෙනස්ව පවතින බවත් එය ඍන අගයක් නම් බඩුමිල දිගින් දිගටම අඩුවෙමින් පවතින බවත් කියවේ . ම්ම් හිතන විදිහට මේ අනුපාතය අපේ ජන ලේඛන දෙපාර්තමේන්තුව වෙනත් කොහේ රටකට ගොස් ලබාගත් දත්ත අනුව ගණනය කල එඅක්ක් වෙන්න ඇති. එහෙම නැතිනම් උද්ධමනයේ අර්ථ දැක්වීම කණපිට හරවලා වෙන්න ඇති.
මේ ගණන් හදන්නේ පරසක්වල ජීවීන්ද, මන්ද බුද්ධිකයෝද? හාල්, පොල් ලුණු ආහාර සියල්ල සීඝ්‍රයෙන් නැගලා උද්ධමනය අඩුවුනේ කොහොමද?