(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 54.2 දක්වා පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.
ජනවාරි මස උද්ධමනය දෙසැම්බර් මසට සාපේක්ෂව සියයට 3 පහළ ගොස් තිබේ.
එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස ආහාර උද්ධමනය ද සියයට 60.1 ක් දක්වා පහළ ගොස් තිබේ. එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.3 ක පහළ යාමකි.
ජනවාරි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද පසුගිය මසට සාපේක්ෂව සියයට 2.4 කින් පහළ යමින් සියයට 51ක් ලෙස වාර්තා වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ විදියට උද්ධමනය අඩු වෙන රට අපිට මිස් උනානේ. කොච්චර වාසනාවක්ද ඒ රට දකින්නවත් ලැබුන නම්. හොප්කින්ස් මහත්තයට අනුව 116% තිබුනේ දැන් සුමාන දෙක තුන කට කලින්. යගුලිය උඩ දමමම බිම වැටෙන වේගේත් පරාදයි වගේ.
යථාර්ථය නම් මීට වඩා වෙනස්, එන්න එන්නම වැඩි වෙනවා බඩු මිල
සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මහත්වරුනි .කරුණාකර දේශපාලකයින්ට පක්කලි කම් නොකර සත්‍ය තොරතුරු ප්‍රසිද්ධ කරන්න .බඩු මිල අහස උසට .සියලුම ආහාර 3005 කින් මිල වැඩි වෙලා
ඉතින් බයියන්ට දැන් සැපද? මේ ආණ්ඩුවට කඩේ යන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.