(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5.6 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 70.6 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය නොවැම්බර් මස සියයට 65 ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම ඔක්තෝබර් මස සියයට 80.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 69.8ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ.
ඔක්තෝබර් මස සියයට 61.3ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද නොවැම්බර් මස සියයට 60.4 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
නොවැම්බර් මස සියයට 65 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 33.9 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 31.0 ක දායකත්වයක් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දත්ත කොහෙන් එන ඒවාද? ගණනයේදී භාවිතා කරන භාණ්ඩ මොනවාද? ජනතාවට කියන්න...
මිනිස්සුන්ට කන්න සල්ලි නැහැ...
මහබැංකුව හොරු සමග හෙළුවෙන්... මෙච්චරකල් කියපු සංඛ්‍යා ලේඛන දත්ත කොච්චර ‘‘ඇත්තද‘‘ කියලා මෙයින් අවබෝධ කරගෙන සසරින් එතෙර වන්න ජනතාවනි.., සතොසින් පරිප්පුයි, තව මොනවදැයි රුපියල් 5 කින් අඩුකරලා ජනතාවට විශාල වාසියක් දුන්නනේ... ඒක වෙන්න ඇති...