
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය හෙට (3) කොළඹදී පවත්වන උද්ඝෝෂණය හේතුවෙන් කිසිවිටකත් විදුලිය බිඳ වැටීමක් නොවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නියෝජිත චරිත ජයනාත් මහතා අද (2) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ පස්වරුවේ පැවැත්වූ රැස්වීමේදී විදුලිය සැපයුමට කිසිඳු බලපෑමක් නොවන බවට සහතික වූ බව කී චරිත ජයනාත් මහතා හෙට හුදෙක්ම උද්ඝෝෂණයක් පමණක් පැවැත්වෙන බව ද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd