IMG-LOGO

උද්ඝෝෂකයන් 13 අධිකරණයට

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවෙමින් රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකළැයි තලංගම පොලිසිය අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් 13 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) නියෝග කළාය.

තංලගම පොලීසිය මෙම සිද්ධියට අදාළව අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ මඩුල්ල කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙලෙස ඇප නියම කළාය.

මෙම උද්ඝෝෂකයින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක් පවත්වමින් ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 119, 120, 139, 146 සහ 150 යන වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් තලංගම පොලිසිය උද්ඝෝෂණයේ නිරතවූ 13 දෙනකු අද (04) සවස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න, ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න, නිතීඥ කමල් විජේසිරි යන මහත්වරුන් සමග නිතීඥවරුන් 250කට අධික පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම උද්ඝෝෂකයින් කතානායකවරයාට සංදේශයක් භාරදී පසුව සාමකාමී උද්ඝෝෂණයක් සිදුකරමින් සිටියදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තංලගම පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් බව නිතීඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පොලීසිය සැකකරුවන් විෂයෙහි ඉදිරිපත් කළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද නිතීඥවරුන් සදහන් කළහ.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ කමල් විජේසිරි මහතා මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, පොලිසිය බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වා ඇත්තේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට පාර්ලිමේන්තුවට ඇතුලුවන අවස්ථාවේදී උද්ඝෝෂකයින් බාධා පමුණුවා ඇතිබවය. එහෙත් තමන් පෞද්ගලිකවම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් මේ පිළිබදව විමසා සිටි අතර, එහිදී ඔහු සදහන් කළේ එවැන්නක් කිසිදු අවස්ථාවක සිදු නොවූ බව නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. එසේ නම්, පොලීසිය මේ සිදුකර ඇත්තේ ව්‍යාජ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය නොමග යැවීමක් බවද නිතීඥ කමල් විජේසිරි මහතා සදහන් කළේය.

 



අදහස් (2)

උද්ඝෝෂකයන් 13 අධිකරණයට

ජගත් ලියනගේ Wednesday, 04 May 2022 08:59 PM

වීඩියෝ දර්ශන බැලුවම පේන්නේ පොලිසිය ඉතාමත්ම අමානුෂික ලේස හැසුරුනු බවයි. ලංකාවේ පොලිසියට මොකද මේ වෙලා තියෙන්නෙ ?

:       0       0

චන්දන Wednesday, 04 May 2022 09:53 PM

මේ වෙනකොටත් කලු කඩේ ගෑස් විකුණන්න තියෙනවා 10000ට මේ නීතිඥ මහත්වරු ඒවට විරුද්ධව ත් කටයුතු කරන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site