
(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ විරෝධතාවය මහ වැසි නොතකමින් දෙවන දිනටත් අද (10) දිනයේද ක්‍රියාත්මකය.
ඊයේ(9) පෙරවරු නමයට පමණ ගාලුමෝදර පිටිය ට රැස්වූ ජනතාව සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අඛණ්ඩ විරෝධතාවයක නිරත වූහ.
පිරිස ඊයේ රාත්‍රිය පහන් කරනු ලැබුවේද ගාලු මුවදොර පිටිය වීම විශේෂත්වයකි. ජනාධිපතිවරයා ඉල්ලා අස් වන තෙක් විරෝධතාවක් අඛණ්ඩව මෙහෙයවන බව විරෝධතා කරුවෝ පවසති.
(ඡායාරූප - ශාන්ත රත්නායක )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්හරින්න එපා අල්ලාගෙන හිටපල්ලා කොටිවලිගය . 69 ලක්ෂයක් චන්දය දීලා ෆිටුවා ගත්ත ආණ්ඩුව ජෙප්පෝ 15000 නිසා විසුරුවාහරින්න? ජප්පන්ට අමු කවිලාද? එතනම ජෙප්පෝ ප්‍රජාතන්ත්‍රවාදය විනාස කරනවා කාලකන්නි.
ජාතියට හිතැති ජනතාවනි ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනෙල්ලා කියලත් උද්ඝෝෂණ කරන්නකෝ,නොකරන එවුන් හදුනා ගනිල්ලා එහෙම කලොත් ඔබලාගේ අපේක්ෂා ජයග්‍රාහී වේවි
මේක ඓතිහාසික විරෝධතාවකි. ඉතිහාසයේ කිසිදිනක නොවූවිරූ විරෝධතාවකි. රටේ නායකයින්ට ජනතාවගේ මූලික අවශ්‍යතාවන්වත් සපුරා දෙන්න අසමත්වීම නිසා මොවුන් පලවාහැර සුදුසු පාලන ක්‍රමයක් ගොඩනගාගැනීම කාගේත් බලාපොරොත්තුවයි.
මොකෝ මේ කට්ටිය රස්සාවකට යන්න තියෙනවා කියලද අධ්‍යාපනය ලබන්න තියෙනවා කියලද ගෑස් හෝ ඩීසල් පෝලිමේ ඉන්න කියලද කොටින්ම මෙලෝ වගකීමක් තියෙන කට්ටියක්ද! නෑ. අම්මල තාත්තල කොහොම කොහොම හරි කන්න හදල දෙනවා. මෙයාලට තියෙන්නේ තමන්ගේ දේශපාලන පක්ෂේ නායක කාරකාදීන් සතුටු කරන්න මේ වගේ උද්ගොෂනවලට ඇවිල්ල කාලේ කන එක. රටක නායකයෙක් පත් කිරීම සහ ඉවත් කිරීම පිළිබද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබද අවමයවත් දන්නවද මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවයි කියන මේ කට්ටිය! මේ පුස්සන්ට පිටිය සකස් කිරීම තමයි ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද.
අප මව් රටෙහි නොසිටියත් මනසින් ඔබ සමගයි ඇත්තටම අපි ඉන්නෙ හරිම දුකෙන් අපේ දායකත්වය මේ වෙලාවේ ලබා දෙන්න නොහැකි වීම පිලිබඳ ඒවගේම මේ වෙලාවේ මේ තක්කඩි හොරු රැල ඕනේ කියලා බත්බැලයෝ 200ක් විතර පෙන්වන්න මුන් දැඩි අසාර්ථක උත්සහයක් දරනවා මේ පාලකයෝ මොනතරම් පහත් නරුම කාලකන්නිද