(ජේ.ඉඳුරුවගේ )
උත්සව සමය අවසන් වන තුරු අද (23) සිට පැය 24 ම ආවරණය වන පරිදි දිවයින පුරාම රථවාහන පොලිස් නිලධාරීන් යොදවා මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළුව සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කර මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර හා මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්තරායදායක ලෙස රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසීය.
මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකථන අංකවලට හෝ පොලිස් කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකතන අංක වෙත මෙන්ම රථ වාහන මූලස්ථානයේ සහ කොළඹ නාගරික ,බස්නාහිර පළාත උතුර සහ දකුණ යන රථ වාහන කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ගේ 0718591967,0718591741 , 0718592857, 0718592278 යන ජංගම දුරකතන අංක වෙතද තොරතුරු ලබා දිය හැකිය.
එමෙන්ම මාර්ග නීති රීති උල්ලංඝන කිරීම් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් ඇති වීඩියෝ පට ඇත්නම් ඒවා වට්ස්ඇප් මඟින් එම දුරකථන අංක වෙත යොමු කිරීමට හැකියාව පවතින බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උත්සව සමයට 24 පැයේ රථවාහන පරීක්ෂාවක්
hasith Monday, 23 December 2024 02:36 PM
1997 දුරකථන අංකවලට ගත්තම එතන ඉන්න අය හරියට උත්තර දෙනවද? පිං පඩි ගන්න නිදිමතයෝ කට්ටියක් ඉන්නේ.