(ඉන්දිකා රාමනායක)

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි. විවිධ අපරාධකරුවන්ගෙන් සහ මංකාල්ලකරුවන්ගෙන්, වාහන සොරුන්ගෙන්,, ගැටකපන්නන් ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ, සාප්පු සවාරි, වැඩි වශයෙන් පිහිටි ප්‍රදේශ වල නිලඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන්ට අමතරව සාමාන්‍ය ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇති බවද හෙතෙම පැවසීය.

මෙම කාලය සීමා තුළ ව්‍යාජ නෝට්ටු සංසරණය වීම වැලැක්වීම , ඒවා මහජනය අතට පත්වීමට වැලැක්වීම සම්බන්ධයෙන් ද විශේෂ පොලිසියේ අවදානය යොමු වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

නත්තල් දේව මෙහෙයන් පැවැවෙත සෑම දේවස්ථානයකට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බවද හෙතෙම කීය

මෙම කාලය තුළ බස්නාහිර පලාත තුළට පිට ප්‍රදේශවලින් නිලධාරීන් කැඳවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඔවුන් ක්ෂණික මාර්ග බාධක යොදවා පුද්ගලයන් සහ වාහන පරීක්ෂාවන් සිදු කිරීම ද සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළේය.