IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි

(තිලකරත්න දිසානායක)

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් දිස්ත්‍රික් විමර්ශන අංශ වෙත දැනුම්දී ඇත. 

මේ යටතේ ප්‍රධාන තොග අලෙවිසල් සහ ගබඩා ආදිය පරීක්ෂාවට ලක් කරමින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරමින් භාණ්ඩ වෙළඳපොළට පැමිණීම වැළැක්වීමත්, උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මගහැරවීම සදහාත් කටයුතු කරන ලෙසත් සුපිරි වෙළඳසල්ද ඇතුලුව සිල්ලර වෙළඳසල් හා ජංගම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කර වැටලීම් සිදු කරන ලෙසත් දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබේ. 

තවද අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇදුම් පැළදුම්, කල්පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ ආදිය උත්සව සමයේදී වැඩි ඉල්ලුමක් සහිතව අලෙවි වන බැවින් එවැනි වෙළඳසල් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරන ලෙසත් උත්සව සමය තුල සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලද වැටලීම් සිදු කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. 

මේ අතර උත්සව සමය තුල පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන්  1977 දරණ දුරකථන අංකය අමතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දීමට පාරිභෝගිකයින්ට හැකියාවපවතින බවත් සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් දැනුම් දෙනු ලබයි.



අදහස් (2)

උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි

widya Sunday, 24 November 2024 05:50 AM

කරුණාකර බුල්බායේ සිට සියලුම විදුලියට සවි කරන, කිසිම ප්‍රමිතියක් නැති, හදපු තැනක් නැති ඉතාම අන්තරාදායක ලෙස විකුණන විදුලි උපකරණ වහා වෙළඳ සැල්වලින් අයින් කරන්න. මෙය ඉතාමත් වැදගත්...

:       0       0

Kamal Koyrala Sunday, 24 November 2024 12:19 PM

අධිකාරියේ අයට නත්තල් සරුවෙයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site