IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උත්සව සමයේ පාරේ යන්නේ මෙහෙමයි

(ගයාන් සූරියආරච්චි)

උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහනවලන් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂණා කිරීමක් සිදුකෙරන අතර රියැදුරන් මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේද යන්න විශේෂයෙන් සොයා බැ‍ලෙන අතර අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරීම, ධාවනය නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනය කිරීම ඇතුළු අනතුරුදායක තත්ත්වයෙන් රිය ධාවනය කරන පුද්ගලයන් පරීක්ෂා කිරීම සිදුකරනු ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

දිවයින පුරා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර පැය 24 පුරා නිලධාරීන් යොදවන බවද මනතුංග මහතා පැවැසීය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරන කාල සීමාව තුළදී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරනු ලබන රියැදුරන් සම්බන්ධයෙන් 119 සහ 1997 යන කෙටි දුරකතන අංකවලට තොරතුරු ලබාදිය හැකි අතර මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මගින් එවීමේ හැකියාව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය 0718591741, රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂ 0718591967, බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ටාසයේ අධ්‍යක්ෂ 0718592857, බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718592278 යන දුරකතන අංකවලට ඇමැතිය හැකිය.

 



අදහස් (3)

උත්සව සමයේ පාරේ යන්නේ මෙහෙමයි

vipula Sunday, 22 December 2024 08:15 PM

වට්ස් ඇප් එක පැහැදිලිව පෙන්වන්න...

:       0       0

හසක Sunday, 22 December 2024 09:36 PM

බස් අයිතිකාර පොලිස් ලොක්කො සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් බස් එක වැරදි කෙරුවම ඇල්ලුවත් ඩ්‍රයිවර් කොල් කරල පාරෙ රාලහාමිට ෆෝන් එක දුන්නම වැඩේ එතනින් ඉවරයි. බස් එක කාගෙද කියල දන්නවනං අල්ලන්නෙත් නෑ.

:       0       0

Chindika Monday, 23 December 2024 09:40 AM

මෙම පරික්ෂණ සීමා සහිත කාලයකට නොව සැමදා සිදුවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site