
(නිමල කොඩිතුවක්කු)
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
දැනට සිදුකරන වැටලීම් වලට අමතරව මේ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් පත් කර ඇති බවත් එහි ප්‍රකාශකයෙකු පැවසීය.
ජනවාරි මස 15 වනදා දක්වා කාල සීමාව දක්වා මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන බවත් එහිදී භාණ්ඩ හා සේවාවල මිල මිල ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු පැවසීය.
මෙයට අමතරව තොග අලෙවිසැල් සහ ගබඩා පරික්ෂා කරමින් කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළඳපළට පැමිණීම වැළැක්වීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
උත්සව සමය තුළදී පාරිභෝගිකයන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දීමට හැකි බවද පාරිභෝගික අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම වටිනා ක්රියාවක් කියන්න පුළුවන්... සමහර ප්රදේශවල එළවළු කඩවල මිල ප්රදර්ශනයක් කරන්නේම නැහැ. මිල ඇහුවොත් තරාදියේ ඔබලා මිල කියන ස්ථාන අනන්තවත් තියෙනවා. අපි බලමුකෝ ඒවා දැන්වත් නවතීවිද කියලා..!