
( බී.ජි චතුරංග )
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අද(6) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු ධම්මික මුණසිංහ ඇතුළු පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තා සාමාජිකාවන් 11 සිටියහ.
පොළොන්නරුව වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශවල සිට කුඩා ළමයින් සමග කුස ගින්නේ පිරිස් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්, උතුරු මැද පළාතේ ඇති පුරප්පාඩු වලටත් වඩා අඩු, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පලාත තුල සිටින බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට ක්‍රියා නොකරන්නේ මන්දැයි මෙම පිරිස ප්‍රශ්න කර සිටියහ.
අද (6) උදෑසන දහයට පමණ පළාත් සභා ප්‍රධාන ගේට්ටුවෙන් පලාත් සභා භූමියට ඇතුළු වූ එම රැකියා විරහිත උපාධිධාරීහු පිරිස, උතුරු මැද පළාත් සභාවේ පිට වන හා ඇතුළු වන දොරටු සියල්ල අවහිර කරමින් බිම වාඩි වී උද්ඝෝෂණයේ නිරත වූහ .
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑගල්ලේ මිනිස්සු මෙයාට කියන්නේ මනිපාල කියලා, මෙයාගෙන් වැඩක් ගන්න ඕනෑ නම් ඉතින් සල්ලි තමයි ඕනෑ...
දැඩි නින්දේ පසුවන පළාත් සභාවට හොඳම වැඩේ...!
පිනට කන්න ඉල්ලන කාලකණ්නි. ඔකුන්ට පිනට උගන්නල, පින් ජොබ් දීල, ජීවිත කාලෙම අයිස් ගහන්න රජයෙන් ජොබ් දෙන්නත් ඕනෑ..
මේ පොලිසියේ අයත් නිකන් රොබෝලා වගේ වැඩ කරන්නේ, මොලයක් නැහැ කියන ඕනම දෙයක් කරනවා.
සමස්ථ රාජ්‍ය සේවය විශාල ලෙස බිඳ වැටෙමින් තියෙනවා. ආණ්ඩුවේ උවමනාව රාජ්‍ය සේවය දිය කර හැරීම . පුරප්පාඩු අති විශාල ප්‍රමාණයක් තියෙනවා . ඒත් බඳවා ගන්නෙ නැහැ . තදබල ක්‍රියා සඳහා යොමු විය යුතුය .
උද්ඝෝෂණ වලින් එයාව හොල්ලන්න බෑ මල්ලි. ෂල්ලි,..ෂල්ලි තමා ඕනා..මල්ලි ... උද්ඝෝෂණ වානා...
අනේ මන්දා. අපිත් උපාධි ගත්තා. හැබැයි රස්සා දියව් කිය කියා තැන තැන ලැග්ගේ නෑ. කොටින්ම උපාධි සහතිකේ අතට එනකොටත් අපි රස්සාවල... උපාධියකුත් තියාගෙන රස්සා දියව් කිය කියා ලගින එකෙන්ම පේනවා කොයිතරම් කාර්‍යක්ෂම දක්ෂ කට්ටියද කියලා මේ අය. රාජ්‍ය සේවයට බඳවා ගත්ත දවසේ ඉඳන් ඉතින් අකාර්‍යක්ශම රාජ්‍ය සේවයක් තමයි ඉතින්. ලංකාවේ රාජ්‍ය සේවය අකාර්‍යක්ශම වෙන්න ප්‍රධාන හේතුව මේ වගේ උද්ඝෝෂණ වලට බයවෙලා අදක්ෂයින්ට රස්සාවල් දෙන එක.