( බී.ජි චතුරංග )
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අද(6) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු ධම්මික මුණසිංහ ඇතුළු පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තා සාමාජිකාවන් 11 සිටියහ.
පොළොන්නරුව වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශවල සිට කුඩා ළමයින් සමග කුස ගින්නේ පිරිස් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්, උතුරු මැද පළාතේ ඇති පුරප්පාඩු වලටත් වඩා අඩු, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පලාත තුල සිටින බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට ක්‍රියා නොකරන්නේ මන්දැයි මෙම පිරිස ප්‍රශ්න කර සිටියහ.
අද (6) උදෑසන දහයට පමණ පළාත් සභා ප්‍රධාන ගේට්ටුවෙන් පලාත් සභා භූමියට ඇතුළු වූ එම රැකියා විරහිත උපාධිධාරීහු පිරිස, උතුරු මැද පළාත් සභාවේ පිට වන හා ඇතුළු වන දොරටු සියල්ල අවහිර කරමින් බිම වාඩි වී උද්ඝෝෂණයේ නිරත වූහ .
.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්
බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව
ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 හෝ 12 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගා
නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි: 22ක් අත්අඩංගුවට
Sachith Monday, 06 May 2024 01:51 PM
කෑගල්ලේ මිනිස්සු මෙයාට කියන්නේ මනිපාල කියලා, මෙයාගෙන් වැඩක් ගන්න ඕනෑ නම් ඉතින් සල්ලි තමයි ඕනෑ...
Chaminda PradeepTuesday, 07 May 2024 10:55 AM
කෑගල්ලෙ සමුපකාර සමිති කාර්‍යාලයක ලිපිකරු තනතුරක් දැරූ මිනිහා දැන් කොහොමද ඔය මිනිහා සබරගමුවේ මහ ඇමති කිව්වට රත්නපුර දිස්ත්‍රික්කයේ කරපු කිසිවක් නැහැ කෑගල්ලෙ අතුරු මාර්ගය හදද්දී මිනිහගේ ගෑස් යාඩ් එක කැඩෙනවා කියලා මාර්ගය හහදන්න දුන්නෙ නැහැ අන්තිමේ එතන තිබූ ඇල මාර්ගයේ කොටසක් ගොඩකර තමයි මාර්ගය සංවර්ධනය කලේ.සියඹලා උන්නැහේ නොහිටින්න ඒක කරන්න ලැබෙන්නේ නැහැ මහ ඇමැති හැටියට කරපු පළමුදේ තමයි වාහන ගෙනවිත් එක් එක් ආයතන වලට බෙදාදීම ඒ ගැන විස්තර ආරංචි කරල බලන්නකෝ
Nimal Monday, 06 May 2024 02:01 PM
දැඩි නින්දේ පසුවන පළාත් සභාවට හොඳම වැඩේ...!
ගුල්ලු Monday, 06 May 2024 02:20 PM
පිනට කන්න ඉල්ලන කාලකණ්නි. ඔකුන්ට පිනට උගන්නල, පින් ජොබ් දීල, ජීවිත කාලෙම අයිස් ගහන්න රජයෙන් ජොබ් දෙන්නත් ඕනෑ..
විචාරකMonday, 06 May 2024 03:45 PM
රාජ්‍ය සේවය ඔහේ කියන විදියෙ එකක්නම් ඔහේ කිසිම රාජ්‍ය ආයතනයකට යන්නෙ නැති ගන්දබ්ධයෙක් වෙන්න ඕන. කොටින්ම උපත්, මරන තියා රෝහලකටවත් යන්නෙ නැති එකෙක් වෙන්න ඕන. මේ වගේ කතා හොඳයි ඉතිං මේ කාලකන්නි ආන්ඩුවලටම
Kazi Shajahan Monday, 06 May 2024 02:23 PM
මේ පොලිසියේ අයත් නිකන් රොබෝලා වගේ වැඩ කරන්නේ, මොලයක් නැහැ කියන ඕනම දෙයක් කරනවා.
ජයනාත් Monday, 06 May 2024 02:26 PM
සමස්ථ රාජ්‍ය සේවය විශාල ලෙස බිඳ වැටෙමින් තියෙනවා. ආණ්ඩුවේ උවමනාව රාජ්‍ය සේවය දිය කර හැරීම . පුරප්පාඩු අති විශාල ප්‍රමාණයක් තියෙනවා . ඒත් බඳවා ගන්නෙ නැහැ . තදබල ක්‍රියා සඳහා යොමු විය යුතුය .
පුනකකේ හේරා Monday, 06 May 2024 05:37 PM
උද්ඝෝෂණ වලින් එයාව හොල්ලන්න බෑ මල්ලි. ෂල්ලි,..ෂල්ලි තමා ඕනා..මල්ලි ... උද්ඝෝෂණ වානා...
kotiya Tuesday, 07 May 2024 02:54 AM
අනේ මන්දා. අපිත් උපාධි ගත්තා. හැබැයි රස්සා දියව් කිය කියා තැන තැන ලැග්ගේ නෑ. කොටින්ම උපාධි සහතිකේ අතට එනකොටත් අපි රස්සාවල... උපාධියකුත් තියාගෙන රස්සා දියව් කිය කියා ලගින එකෙන්ම පේනවා කොයිතරම් කාර්‍යක්ෂම දක්ෂ කට්ටියද කියලා මේ අය. රාජ්‍ය සේවයට බඳවා ගත්ත දවසේ ඉඳන් ඉතින් අකාර්‍යක්ශම රාජ්‍ය සේවයක් තමයි ඉතින්. ලංකාවේ රාජ්‍ය සේවය අකාර්‍යක්ශම වෙන්න ප්‍රධාන හේතුව මේ වගේ උද්ඝෝෂණ වලට බයවෙලා අදක්ෂයින්ට රස්සාවල් දෙන එක.