IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


උතුරේදී නිරෝධායනය කළ පළමු කණ්ඩායම නිවෙස්වලට

( රොමේෂ් මධුෂංඛ)

කොරෝනා අවදානම හේතුවෙන් විදෙස්රටවල සිට පැමිණි පුද්ගලයින් ගුවන් හමුදාව යටතේ නිරෝධායනය වන උතුරේ පළමු කණ්ඩායමට අයත් පුද්ගලයින් 206 දෙනෙකු අද (31) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායනව වීමෙන් පසුව සිය නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව පිියවර ගත්තේය.
 
ගුවන් හමුදාපති එයාර්මාෂල් සුමන්ගල ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වන්නි ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාකොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ නායකත්වයෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 206 දෙනෙකු රැගෙන ඒමෙන් පසුව පූර්ණ නිරෝධායන ක්‍රියාවලිය වන්නි ගුවන් හමුදාව විසින් ආරම්භ කල අතර දින 14 ක් පුරාවට එම පිරිස් නිරෝධායනයට ලක් කෙරිණි.
 
මෙලෙසින් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ ගුවන් හමුදාවට අයත් කඳවුරු තුනක රඳවා තබා ඇති අතර වන්නි, කිලිනොච්චිය ඉරණමඩු හා මුලතිව් යන ගුවන් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
වන්නි ගුවන් හමුදා කඳවුරේදී 206ක් වශයෙන්ද කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ පුද්ගලයින් 172 මුලතිව් ගුවන් හමුදා කඳවුරේ 203 ක් වශයෙන් මුලු පුද්ගලයින් 581 නිරෝධායනය ක්‍රියාවලියට මුහුණ දී ඇත.
 
සිය නිරෝධායනය අවසන් වී නිවෙස් වෙතට ගමන් කල පිරිස් කියා සිටියේ රටම කොරෝණා අවධානමකට මුහුණ දී ඇති අවස්ථාවක විදෙස් රටවලින් පැමිණි කිසිදු අයෙකු බිය නොවී සියලු දෙනාම හැකි ඉක්මනින් නිරෝධායනය වෙනුවෙන් දායකත්වය දී සියලු ජනතාව වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවටත්ය.
 
එමෙන්ම විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් මෙලෙස ගුවන් හමුදාවට හා යුද හමුදාවට භාරදීමට ජනාධිපතිතුමන් විසින් පියවර ගැනීම පිළිබඳව බෙහෙවින්ම සතුටු වන බවටත් තමන්ට කිසිදු අඩුපාඩුවක් නොමැතිව සියලු පහසුකම් සැපයීමට ගුවන් හමුදාව දිවා රාත්‍රී වෙහෙසී සිදු කරන ලද කැප කිරීමට ගුවන් හමුදාපති ඇතුලු සියලු දෙනාට ගෞරවය හා ස්තූතිය පුද කරන බවටත්ය.

 

 



අදහස් (0)

උතුරේදී නිරෝධායනය කළ පළමු කණ්ඩායම නිවෙස්වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site