(අංජුල මහික වීරරත්න)
උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.
දැනට උතුරු පළාතේ පාසැල් දරුවන්ට හා වැඩිහිටියන්ට සතුන් පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙන්ම විනෝදාස්වාදය සඳහා වෙනමම සෆාරි අභයභූමියක් ස්ථාපිත කර නොමැත. බොහෝ අභයභූමි මෙන්ම සත්වෝද්‍යාන ද පිහිටා තිබෙන්නේ දකුණේ නිසා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක ජනතාවට සත්වෝද්‍යාන නැරඹීමට දකුණුනට පැමිණීමට සිදුව තිබේ.
උතුරු පළාතේ ස්ථාපිත කිරීමට යෝජිත නව සෆාරි අභයභූමිය සඳහා සුදුසු ඉඩම් පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා වනසම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේය.
දැනට ජාතික සත්වෝද්‍යාන වල වැඩිපුර සිටින ඇතැම් සත්ව විශේෂ මෙන්ම නාගරික ප්‍රදේශවල දැනට ව්‍යාප්තව සිටින, ජනතාවගේ ගෙවතුවලට හානිකරන සත්ව විශේෂ මෙම වනෝද්‍යානයට යොමු කිරීමට ඇති හැකියාව ද සොයා බලන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උතුරටත් සෆාරි අභය භූමියක්
දිමුත් Wednesday, 02 November 2022 11:05 AM
එතනත් ගිහින් හාන්නද දන්නැහැ?
fairoos Wednesday, 02 November 2022 12:57 PM
පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම කූඩු කරානම් හරි