IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උතුරු සබේ හිටපු අමාත්‍යවරිය සිදු කළ බව කියන මූල්‍ය වංචා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

(රොමේෂ් මධුෂංඛ)


උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය සිදු කළ බව කියන  මුදල් වංචාවන්  සෙවීම සඳහා  ත්‍රිපුද්ගල කමිටුවක් උතුරු පළාත් ආණ්ඩුකාර  රෙජිනෝලඩ් කුරේ මහතා  විසින් පත්කරනු ලැබ තිබේ.


හිටපු කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය විසින් සිදු කළා යැයි පැවසෙන මූල්‍ය  වංචාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සි.වි. කේ. ශිවඥානම් මහතා ලබා දුන් ලිඛිත පැමිණිල්ලක්  අනුව  ආණ්ඩුකාරවරයා මෙම  පියවර ගෙන  තිබේ.


ආනන්දි ශෂිදරන් හිටපු අමාත්‍යවරිය විසින් උතුරු පළාත තුළ වකුගඩු රෝගීන්සහ  හෘද රෝගීන් සඳහා සහන සැලසීමට පිහිටුවා ඇති අරමුදලෙන්  මුදල් වංචා කර ඇති බවට  චෝදනා එල්ල වී තිබේ.


අදාල ලිඛිත පැමිණිල්ල  සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රී පුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් බවටත් , අදාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ලැබීමට නියමිත බවටත් එම වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හෝ නොගැනීම සිදු කරනු ලබන බවට  උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.



අදහස් (0)

උතුරු සබේ හිටපු අමාත්‍යවරිය සිදු කළ බව කියන මූල්‍ය වංචා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site