
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා ය.
රජයේ අරමුණ එම ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1හි අද (23) පැවැති උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළුව විසදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කීවාය.
මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන් ගෙන ගිය පැවති රජයන්ගේ වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බවත්, අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බවත් උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සඳහා ජනතා විශ්වාසය දිනාගත් ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍ය බවත් ඔවුන් මෙහිදී කියා සිටියේ ය.

2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’උතුරේ මිනිසුන්ගේ ඉඩම් රජයට එපා’’
Nishan Friday, 23 May 2025 04:47 PM
උතුරු, නැගෙනහිර හමුදා කඳවුරු පිහිටුවා තියෙන්නේ ආණ්ඩුවේ ඉඩම්වල නොවෙයි. එහෙම නම් ඒ කඳවුරු ඔක්කොම වහලා දාන්න...
Pankumburage Friday, 23 May 2025 05:24 PM
1977 ට කලින් යාපනේ හිටපු සිංහල අයගේ ඉඩනුත් නිරවුල් කරලා දෙන්න. එතකොට තමයි සාධාරණය ඉටුවෙන්නේ...!
PerakumSaturday, 24 May 2025 04:30 AM
“තේශවලාමයි” නීතියට අනුව සිංහලයින්ට අයත් ඉඩම් යාපනයේ තිබිය නොහැක.
Gamini Friday, 23 May 2025 11:37 PM
මේ වගේ කතා කියන්න කියන්න ඔයාලගේ ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවා. අන්තිමට ඩෝබිලා ටික ඉතුරු වෙයි.
ගුණරත්න Saturday, 24 May 2025 12:03 PM
ඔප්පු නැති වෙන්න බැහැනේ, යාපනේ ඉඩම් ලියාපදින්චි කරපු පත් ඉරුවල එම විස්තර ඇති, ඉතින් ඒවා බලා හිමිකරුවන්ට දෙන්න බැරි මොකද?
මිහින් Saturday, 24 May 2025 06:24 PM
ඇයි උතුර ලංකා රාජ්‍යයට අයිති නැද්ද? මේක වෙන්නැති පුනරුදය...