
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා වාර්තාමය විඩීයෝ වැඩ සටහනක් නිෂ්පාදනය කිරිම ඇතුළු කාර්යන් කිහිපයකට පුද්ගලික සැපයුම් කරුවෙකුට 2016 වසරේදි පළාත් සභාවෙන් රුපියල් එක්කෝටි විසිඑක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබුනද එකී කාර්ය වසර ගනනාවක් ගතව ගියත් මෙතෙක් ඉටුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.
මෙම මුදල පුද්ගලික සැපයුම් කරුවා ගෙන් ආපසු අයකර ගැනිමට උතුරු මැද පළාත් සභාව විසින් මෙතෙක් නිතීමය ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබු බවත් එකී විගණන වාර්තාවේ සදහන්ය.
උතුරැ මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිම උදෙසා තාක්ෂණික ප්‍රමිතියෙන් යුක්ත වාර්තාමය විඩීයෝ වැඩ සටහනක් සකස් කිරිම,ආකාර්ෂණිය පින්තුර සහිත ප්‍රමිතියෙන් යුක්ත පොතක් නිර්මාණය කිරිම සහ විධිමත් තොරතුරැ සහිත වෙබ් අඩවියක් නිර්මාණය කිරිම වෙනුවෙන් උතුරැ මැද ප්‍රධාන ලේකම්වරයා විසින් පුද්ගලික සැපයුම් කරැවෙකු සමග රැපියල් එක්කෝටි පනස් හත්ලක්ෂ අනුහත්දාස් පන්සීයක(රැ.15,797,500) මුදලකට 2016 මාර්තු 23 වැනි දින ගිවිසුම් ගතව තිබුණි.
මෙම ගිවිසුම ගත මුදලින් රැපියල් එක්කෝටි විසිඑක් ලක්ෂ හතළිස් හතර දහස් පන්සීයක මුදලක් 2016 දෙසැම්බර් මස 26 වැනි දින වැඩය නිම කිරිමට පෙර ගෙවා තිබු බව විගණන වාර්තාවේ සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගෙවීම සඳහා අනුමැතිය දුන් සියල්ලම වගකිව යුතු අතර ලංකාවේ සංචාරක මණ්ඩලයෙන් වියයුතු දේවල් පළාත් සභාවලට දුන්නේ කවුද?
ශුවර් එකට හිටපු ආණ්ඩුකාරයාට ලොකු පගාවක් ගිහින් ඇති...