IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරු මැද කලාප අධ්‍යක්ෂවරිය ගණිත කඳවුරෙනුත් ගහලා

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත කදවුරැ නොපවත්වා කුඨ ලේඛණ ඉදිරිපත් කරමින් රැපියල් ලක්ෂ හයකට අධික මුදලක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට විරුද්ධව උතුරැ මැද පළාතේ ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකාර මහතා විනය පරික්ෂණයක් ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් චෝදනා පහක් සහිත චෝදනා පත්‍රයක් උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකාර මහතා විසින් අංක NCP/CS/ED/15/111/2/40 හා 2024.07.16 දිනැති ආවරණ ලිපිය සමග අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට   විරුද්ධව ගොණු කොට තිබේ.

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක මධ්‍යස්ථාන 30 කදි අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂයේ ප්‍රතිඵල ඉහළ නැංවිමේ අරමුණින් නවීකරණ ව්‍යාපාතියේ යටතේ 2022.10.17 දින සිට 2022.10.26 දින දක්වා ගණිත කදවුරු පැවැත්විමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැළසුම් කෙට තිබුණි.

එහෙත් සැළසුම් කළ පරිදි අදාල කාල සිමාව තුළ මෙම ගණිත කදවුරු පාසල් 14 ක පමණක් පවත්වා අනෙක් පාසල් 14 කද පැවැත්වු බවට ව්‍යාජ ලේඛන ඉදරිපත් කොට මුදල් අවභාවිතා කිරිම බරපතල වරදක් බවද ප්‍රධාන ලේකම්වරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියට යවන ලද චෝදනා පත්‍රයේ සදහන්ය.

මෙම ගණිත කදවුර පැවැත්විම සදහා අවශ්‍යව තිබු කාර්ය පත්‍රික මුද්‍රණය කළ බවට ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කොට රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක්ද අවභාවිතා කොට ඇති බවටත් ප්‍රධාන ලේකම්වරයාගේ චෝදනා පත්‍රයේ සදහන් කොට තිබේ.

මීට අමතරව මෙම ගණිත කදවුරු පැවැත්වමට සම්පත් දායකත්වය ලබාදුන් ගුරුවරුන්ට හා අධික්ෂණ නිලධාරින්ට දිමනා ලබාදුන් බවට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කොට ඇති බවත් ප්‍රධාන ලේකම්වරයාගේ චෝදනා පත්‍රයේ සදහන්ය.

 

 



අදහස් (5)

උතුරු මැද කලාප අධ්‍යක්ෂවරිය ගණිත කඳවුරෙනුත් ගහලා

රුවන් Friday, 03 January 2025 01:07 PM

දේශපාලුවන්ට වඩා හොරනේ මේ රාජ්‍ය සේවකයන්

:       2       13

Dharmasena Friday, 03 January 2025 05:45 PM

උනුත් එකයි, මුනුත් එකයි කිව්වාට අවුරුදු 76 ක් රට කෑවේ රාජ්‍ය නිලධාරින් තමයි...

:       2       4

Indeesha udayakantha wijekoon Saturday, 04 January 2025 02:36 PM

ඉතාමත් කැපවීමෙන් වැඩකරන දක්ෂ zonal director කෙනෙක්...

:       0       4

Krishanthi Saturday, 04 January 2025 05:11 PM

කැපවීමෙන් වැඩ කරන නිසයි මේ...

:       0       3

Chandima Fernando Saturday, 04 January 2025 09:09 PM

සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරකි. මෙම වරදට අනුරාධපුර කලාප අධ්‍යක්ෂ තුමිය කිසිසේත්ම සම්බන්ධ නොවූ බව කලාපයේ සියලුම විදුහල්පතිවරු ගුරුවරු වන අපි දනිමු.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site