(අංජුල මහික වීරරත්න) උතුරු නැගෙනහිර පළාත් වල මියගිය එල ගවයන් හා මී ගවයින් මෙන්ම එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි. මෙම සත්ව මරණ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය. ඉන්දියාවට බලපෑ සුළි කුණාටුවත් සමග නැගෙනහිර හා උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ඇති වු තද ශීතල කාලගුණික තත්ත්වය දරා ගැනීමට නොහැකිව මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරන නමුත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයක් නිසා මිය ගියාද? යන්න තහවුරු කර ගැනීම සඳහා මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල මේ වනවිට පශු සම්පත් අංශය විසින් ලබා ගෙන පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යවා ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd