
(උපාලි ආනන්ද)
උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර, නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 19 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
තලාව, පහළගම ලිපිනයේ පදිංචි ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. කමලාවතී මහත්මිය, අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බලමිනි.
මෙම නඩුවේ වගඋත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා,අධිකාරීවරයා ඉංජිනේරු අධිකාරී (උතුර, අනුරාධපුර) සහ නීතිපතිවරයායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපෘතියෙන් පාර විතරයි හැදුවේ. නැවතුම්පොළවල් හදන්න ඉන්දියාවෙන් සල්ලි දුන්නේ නැහැ.
දුම්රිය වේදිකාවලද අලුත්වැඩියා සිදුවී තිබේ.එහෙත් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ප්‍රවේශ නියෝග නොසලකා කටයුතු කර ඇති බව පෙනෙනවා .