(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සභා ගර්භයේ කටයුතු විද්‍යුත් උපකරණ භාවිතා කරමින් කරමින් වීඩියෝගත කිරීම හා සමාජ මාධ්‍ය වලට නිකුත් කිරීම නො නොකළ යුතු බවද මීට පසුව එවැනි දේ කළොත් ඔවුන්ට විරුද්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව යළි ඇරඹීමෙන් පසු පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
පාර්ලිමේන්තුව විනාඩි පහකට කල් තබන බව කතානායකවරයා කලින් නිවේදනය කළ ද සභාව ආරම්භ කරනු ලැබූයේ විනාඩි 40 ක ට පසුවයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ඔබතුමා අනුමත කරන ලද ප්‍රශ්නයක් විපක්ෂ නායක අසමින් සිටින අවස්ථාවේ ආණ්ඩු පක්ෂ හමුදාවක් ඇවිත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නය ඇදගෙන ගියා. එහි වටිනා ලියකියවිලි තිබුණා.
ඔබතුමා සීසීටීවී කැමරා බලා අවශ්‍ය පියවර ගන්න.ඔබතුමා අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමාට දඬුවමක් දුන්නා. ඒ හා සමාන දඬුවමක් දෙන්න.මගේ අවුරුදු 35ක පාර්ලිමේන්තු ජීවිතයේ මෙවැනි වැඩක් දැකලා දැකලා නැහැ. ඉතාම නින්දිතයි.
විපක්ෂ නායක තුමාට හිරිහැර කරපු අයට දඬුවම් දෙන්න.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-
ඒ ගැන පරීක්ෂණයක් අප කරනවා .ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහාය දුන්නේ නැත්නම් සභාව පවත්වාගෙන යන්න බැහැ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
කතානායක අනුමත කළ ප්‍රශ්නයක් අහන්නට අවසරය නැද්ද?මගේ අතේ තිබුණු ප්‍රශ්නය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැමිණ උදුරා ගන්නට අයිතියක් තිබෙනවාද? එවැනි මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නේ නැතිද?
කතානායක:-
ඒ සම්බන්ධයෙන් අප අවශ්‍ය පියවර ගන්නවා.
විපක්ෂ නායක:-
සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මගේ ප්‍රශ්නය උතුරාගෙන ගියා.අග්‍රාමාත්‍යවරයාත් බලාගෙන ඉද්දි මේ දේවල් සිදුවුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ රටේ සල්ලි...!
පාර්ලිමේන්තුව තුල සිදුවන දේවල් දැන ගැනීමට ජනතාවට අයිතියක් නැද්ද? ඇත්ත ඇති සැටියෙන් ජනතාව දකින්නේ මෙම වීඩියෝ දර්ශන වලින්. එමනිසා ඒ දර්ශන නවත්තන්න එපා. එංගලන්ත පාර්ලිමේන්තුවේ සිදුවීම් එරට ජනතාව දකිනවා නම් ඇයි අපිට දකින්න බැරි.