IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උඩරට මාර්ගය දුම්රිය ධාවනය යථා තත්වයට

(ප්‍රසාද් රුක්මල්)

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසලදී  පිලිපැනීමට ලක්වූ බදුල්ල මහනුවර අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරුව අද (6) පස්වරුවේ සිට බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය අඩාලව පැවති අතර කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට ද බාධා සිදුව තිබිණ .

කෙසේ වෙතත් පිලිපැනීමට ලක්ව තිබූ දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරුව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ බවත් මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි සිදු වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .



අදහස් (0)

උඩරට මාර්ගය දුම්රිය ධාවනය යථා තත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site