
( ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දූම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දූම්රිය මාර්ගයට අද (05) දහවල් පස් කන්දක් කඩා වැටීමෙන් දූම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කන්ද කඩා වැටී ඇති බවත්, දුම්රිය මාර්ගයට වැටී ඇති පස් ඉවත් කර මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවද පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවද නාවලපිටිය දූම්රිය පාලක මැදිරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd