IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උඩරට දුම්රිය මාර්ගයට කසල කන්දක් කඩා වැටෙයි

 

( රංජිත් රාජපක්ෂ)                  

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගැනිමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පැවසිය.

හැටන් වටරවුම් මාර්ගයේ පදිංචිකරුවන් විසින් දුම්රිය මාර්ගයට ඉහල අක්‍රමවත් ආකාරයෙන් දිනපතා විශාල වශයෙන් කැලි කසල බැහැර කරන බවත්, පවතින අධික වර්ෂාවත් සමග අද (27) එම කසල කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටි ඇත.

එම අවස්තාවේ දුම්රිය මාර්ග සංචාරක මුරකරු දැක ඒ පිලිබදව තම කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියක් නතර කර දුම්රිය මාර්ගයට වැටි තිබු කසල කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කල බව ඉංජිනේරුවරයා කියා සිටියේය.

මිට ප්‍රථමද මෙවැනි ආකාරයට කසල කන්දක් ධාවනය වෙමින් තිබු දුම්රියක් මතට කඩා වැටිමෙන් දුම්රිය එන්ජිමට හානි සිදු වු බවයි එම නිලධාරියා කියා සිටියේය.



අදහස් (3)

උඩරට දුම්රිය මාර්ගයට කසල කන්දක් කඩා වැටෙයි

ගුණරත්න Wednesday, 27 November 2024 11:15 AM

බූරු මිනිස්සුන්ගේ බූරු වැඩ නිසා ලංකාවම කුණු කන්දක් වෙලා

:       1       17

kapWednesday, 27 November 2024 12:32 PM

ඈයි ඔයා එහෙම කියන්නෙ මිනිස්සුන්ගේ වෑරෑද්ද කියල.. ප්‍රාදේශීය සභාවක්, පළාත් සභාවක්, මන්ත්‍රී කෙනෙක් ඉන්නෙ මේ වෑඩ වලට නේද? හරියට කසල බෑහෑර කරන්න තෑනක් තියෙනවානම්,කසල එකතු කරන්න වෑඩ පිලිවෙලක් තියෙනවානම්, මිනිස්සු ඒව අනුගමනය කරයි.

:       1       4

sugath dissanayakaWednesday, 27 November 2024 01:25 PM

මේකට ඒ මිනිස්සුන්ට විතරක් චෝදනා කරන්න බෑ. ඒ මිනිස්සු එතැනට කුණු දාන්න ඇත්තේ කුණු දාන්න තැනක් නැති නිසා. මෙච්චර ලොකු කන්දක් හැදෙනකල් බලධාරීන් මොනවද කළේ කියලයි අහන්න ඕන

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site