
අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි, උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වන එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්' බැංකුව විසින් අත්පත් කරගනු ලැබ තිබේ.
2015 වසරේ නොවැම්බරයේ උගන්ඩා රජය, ‘එක්සිම්' බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 207 ක ණයක් ලබා ගෙන ගුවන්තොටුපොළ පුළුල් කරමින් සංවර්ධනය කර ඇත. ලබා ගත් එම ණය ගෙවා දැමීට උගන්ඩා රජයට නොහැකි වූ බැවින්, එය බැංකුවට සින්න වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එන්ටැබේ ගුවන්තොටුපළ පුළුල් කිරීම සඳහා උගන්ඩාවේ යොවේරි මුසවේනි ජනාධිපතිවරයාගේ රජය, වසර 7 ක සහන කාලයක් සහ වසර 20 කින් ගෙවා අවසන් කිරීමේ කොන්දේසිය මත මේ ණය මුදල ලබාගෙන ඇති බව ද පැවැසෙයි.
කෙසේ නමුත් උගන්ඩාව දරුණු ලෙස ආර්ථික ඇද වැටී තිබේ.
ජනාධිපති මුසවේනිගේ රජයේ නියෝජිතයන් පිරිසක් චීන රජයේ බලධාරීන් සමග සාකච්ඡා කර ණය කොන්දේසි සංශෝධනය කරගැනීමට ගත් උත්සාහය ගෙන ඇති නමුත් එය අසාර්ථක වූ බව ද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ. ‘එක්සිම්’ බැංකුව මේ ණය කොන්දේසි වෙනස් කිරීමට එකඟ නොවිණි. ඒ අනුව, එන්ටැබේ ගුවන්තොටුපළ සහ එහි සියළු දේපොළ චීන බැංකුවට පැවැරීම සිදුවුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
1976 වසරේ පලස්තීන විමුක්තිකාමී සටන්කාමීන් කණ්ඩායමක්, ටෙල් අවීව් සිට පැරිස් නුවර බලා පියාසර කරන්න වූ ප්‍රංශ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පැහැර ගත්තේය. ඒ, මගීන් 248 දෙනකු සමඟය. පැහැරගත් යානය ඇතන්ස්, බෙන්ගාසි හරහා ගොස් ගොඩබෑම සිදුවූයේ එන්ටැබේ ගුවන්තොටුපොළටය.
ඊශ්‍රායල හමුදාව ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට වික්‍රමාන්විත මෙහෙයුමක් සිදු කළේය. 'ඔපරේෂන් තන්ඩර්බෝල්ට්' යනු එම මෙහෙයුම හැඳින්වෙන නාමයයි. කම්පාලා නුවර එන්ටැබේ ගුවන්තොටුපොළ ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ද 'තන්ඩර්බෝල්ට්' මෙහෙයුම නිසාය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කාලයක් නොගිහින් අපේ රටම චීනෙට සින්න වෙයි. රාජපක්ෂවරුන් ඔවුන්ගේ මව්රට වන ඇමරිකාවට යද්දී අපි චීනෙට අයිති වෙලා ඉඳියි. දැන් ඔබලාට සතුටුයිද?
එතකොට මත්තල ගුවන් තොටුපළට මොනවා වේවිද?
ලංකාව දැන් අයිති චීනෙට... එටන්බේ ගුවන් තොටුපළ දැන් අයිති චීනෙට. එමනිසා එටන්බේ ගුවන් තොටුපොළ දැන් අයිති ලංකාවට...
වැඩිකල් නොගිහින් අපේ රාජපක්ෂලාත් මේ වැඩේම ලංකාවෙත් කරලා ඇමෙරිකාවට පැනලා යයි..
ඕක මොකක්ද? උගන්ඩාවේ ගුවන් තොටුපොළ විතරනේ සින්න වුනේ. මෙහේ අපි චීනෙට විතරක් නොවේ ඉන්දියාවට, ඇමෙරිකාවට කොටස් ලෙස සින්න වෙන්නේ. ඒ තමයි රටක් ලෙස පසුගිය දශක හතක කාලය තුළ අපිව පාලනය කළ අයගේ හැකියාව...
පුදුමේ කියන්නේ මේ වහල්දීපේ අන්ධයින් තවමත් කැතනැතිව කඩේයනවා...
මේක ලංකාවට හොඳ අනතුරු ඇඟවීමක්. කවුරු රටේ දේපල උකස් කරලා ණය ගත්තත්, කරන්නේ බොහොම වැරදි වැඩක්... ඒ නිසා කවර හේතුවක් නිසාවත් වසර 5කට පත්වන කිසිම ආණ්ඩුවකට රටේ සම්පත් උකස් කරන්න හෝ දේපළ විකුණා දැමීමට නොහැකි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළයුතුයි. එසේ කරන්නවුන් ජාතිදෝහීන් හැටියට සලකා දණඩනීති සංග්‍රහයට අනුව නිසි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සැලසීම අත්‍යාවශ්‍යයි. කුඩා පවුලක ආර්ථිකය මෙහෙයවන ආකාරයෙන්ම රටේ ආර්ථිකයද මෙහෙය විය යුතුයි. එසේ නොවන්නට අපිට කවදාවත් ලෙඩ ඒමක් නැහැ. පොදු ජනතාව දුක් විඳින්න අවශ්‍ය නැහැ. අධික සැප විඳින සියලුම දේශපාලකයින් මෙන්ම අමාත්‍යාංශ ලේකම්ලා වැනි අය සහ සභාපතිලාගේ අධික සැප අඩුම තරමින් භාගයකින්වත් පාලනය කළහොත් මේ රට බොහෝදුරට ගොඩ ගන්න පුලුවන්. පාර්ලිිමේන්තුවේ මෙන්ම පළාත් සභාවලට යන වියදම අවුරුද්දකට බිලියන කීයක්ද කියලා කවුරුවත් දන්නේ නැතිව ඇති. අද අදම මේකට පියවර නොගතහොත් අනාගතය ඉතා භයානක වන බව තේරුම් ගන්න.
නුඹලගේ ගුවන්තොටුපළ විතරයි බන්... අපි සහමුලින්ම සින්න වෙලා ඉවරයි...
රාජපක්ෂ පවුල ලංකාව චීනයට, ඇමරිකාවට, ඉන්දියාවට කෑලිවලට විකුණාගෙන කාලා පැනලා යයි. අර 69 ලක්ෂය ඒත් එක්කම ගියා නම් රටේ ඉන්න අයට චීන්නු එක්ක හරි ඉන්න පුළුවන්....