
(අංජුල මහික වීරරත්න)
අපොස උසස් පෙළ විභාගය සමත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වැනිදායින් අවසන් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට මෙම ශිෂ්‍යත්ව පිරිනමයි.
ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත බාරදීම විධිමත් ක්‍රමවේදය වන අතර එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත බාර දීම සිදු කරනු ලබයි.
නමුත් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් අයදුම් පත් විශාල සංඛ්‍යාවක් සෘජුව ජනාධිපති අරමුදල වෙත ද යොමු කර තිබූ බවද එබැවින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව විධිමත්ව ඉටුකර ගැනීම සඳහා එම අයදුම් පත් සෘජුව ජනාධිපති අරමුදල වෙත යොමු නොකොට, අදාළ විදුහල්පතිවරු වෙත බාරදෙන ලෙස සියලු ශිෂ්‍යත්ව අපේක්ෂකයින් වෙත ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.
ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රුපියල් 75,000ක් නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතුය.
අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.
එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 5,000 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලැබේ.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උ.පෙ සමතුන්ට ශිෂ්‍යත්ව අයැදුම් කැඳවන අවසන් දිනය මෙන්න
Asela Tuesday, 20 December 2022 08:51 PM
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ සේවයේ නියුතු දුවා දරුවන්ට ලබාදෙන ශිෂ්‍යත්ව නතරකර ඇත්තේ ඇයි