IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඊළමට පණ දෙන්න හැදූ ලාංකිකයන් 9ක් මාට්ටු

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ තිරුචිරපල්ලි දෙමළ සරණාගත කඳවුරේදී මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරමේ යෙදෙමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් වලට නැවත පණ දීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් නව දෙනකු අත් අඩංගුවට ගත් බව ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කර ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ අනන්‍යතාවයන් හෙළි වී ඇති අතර ඔවුන් සී.ඥාණසේකරන් නොහොත් කිඹුලාඇල ගුණා,පුෂ්පරජා නොහොත් පූකුඩු කන්නා,මොහොමඩ් අසමින්,අලහප්පෙරුමග සුනිල් ගාමිණි ෆොන්සේකා,ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු,ලඩියා චන්ද්‍රසේන,ධනුක රොෂාන්,වැල්ලේ සුරංග සහ තිලීපන් යන ශ්‍රී ලාංකිකයන් බව ඉන්දියානු බලධාරීහු පවසා තිබේ.

සී.ඥාණසේකරන් නොහොත් කිඹුලාඇල ගුණා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට නැවත පණ දීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරුවෙකු බව ඉන්දියානු නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

එල්.ටි.ටි.ඊ සංවිධානයට නැවත පණ දීමේ අරමුණින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නීති විරෝධී අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පාකිස්තානයේ අවි සහ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකු වන හාජි සලීම් නම් ජාවාරම්කරු සමඟ එකතු වී  කිඹුලාඇල ගුණා සහ පූකුඩු කන්නාගේ මත් ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ඉන්දියානු විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කර ඇත.

හාජි සලීම් ශ්‍රී ලංකාවට අවි සහ මත් ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ විශාලතම ජාලය පාකිස්තානයේ සිට ක්‍රියාත්මක කරන බව ඉන්දියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියකු පවසා තිබේ.



අදහස් (2)

ඊළමට පණ දෙන්න හැදූ ලාංකිකයන් 9ක් මාට්ටු

fairoos Tuesday, 20 December 2022 12:33 PM

ආපහු රට බෙරගන්ඩ රාජපක්ශ කෙනක් ගෙන්ඩ වේයි වගෙ

:       3       5

පහල වෙලේ කබරගොයා Tuesday, 20 December 2022 01:34 PM

පාතාලයට සම්බන්ධ බොහෝ දෙනා සමලිංගික සීන් එකේ ඉන්න අය. බොහෝ පාතාලයන්ගේ තාත්තලත් එහෙමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site