(සුජිත් හේවාජුලිගේ )
පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම විසඳුම බවත් එම අගමැති ධූරය සඳහා තමාගේ මතය අනුව වඩාම සුදුස්සා ඩලස් අලහප්පෙරුම මහතා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී වැඩිම ජනවරම ලැබුණේ පොහොට්ටුවට හෙයින් අගමැතිවරයකු පත් කිරීමේ අවස්ථාව ඒ කණ්ඩායමට ලැබිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
සමහරුන් වැරදි කරපු බව ඇත්ත බවත් ඒ අයගේ උද්දච්චකම් ඔලමොට්ටලකම් ආඩම්බකම් නිසා මේ දේ සිදුවුණු බව පිළිගෙන මේ මොහොතේ කළ හැකි හොඳම දේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම බවත් ඔහු කීවේය.
අන්තර්කාලීන රජය සම්බන්ධයෙන් පිළිගත හැකි නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බවද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
රට වෙනුවෙන් තනතුරු අත්හැරපු කෙනෙකුවන මහින්ද රාජපක්ෂ මහතාට මේ අගමැතිධූරය ලොකු දෙයක් නොවන බවත් ඔහු කීවේය.
උද්දච්චකම හේතුවෙන් පක්ෂ දේශපාලනය ජනතාවට අද අප්‍රියවී ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, හර්ෂ ජනාධිපති... ඩලස් අගමැති. අවුරුද්දක කලෙකට පමණයි. මේ කාලය තුළදී ව්‍යවස්ථාවට ගෙන ඇසිය යුතු සංශෝධන ගෙනැල්ලා ව්‍යවස්ථාව වෙනස් කරන කරන්න ඡන්ද ක්‍රමයත් වෙනස් කරන්න. ස්වාධීන ආයතන බලසම්පන්න කරන්න. ඉන්පස්සේ ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් තබා පාර්ලිමේන්තු නියෝජිතයින් තෝරාගෙන ඔවුන්ගේ ඡන්දයෙන් ජනාධිපති තේරුවොත් වඩාත් හොඳයි...
මේ මිනිස්සුන්ගේ මුහුණ දකිනකොට අප්පිරියයි... රට කෑවා ඔක්කොම...!
දැනුත් පොහොට්ටු ආණ්ඩුවක්නේ තියෙන්නේ.. නැවත පොහොට්ටු ආණ්ඩු හදලා රට ගොඩගන්න පුළුවන්ද? පොහොට්ටු ආණ්ඩුවේ තකතීරු වැඩ නිසා නේද ඉතා කෙටි කාලයක් තුළ රට බංකොළොත් වුණේ..? කරපු හරියක් සෝබන වැඩ. අධිවේගී මාර්ග, නෙළුම් කුළුණු... නැවත මේ සෙල්ලම කරන්නද හදන්නේ..?
අද රටපුරා ජනතාවගේ අදහස් ගැන සලකා බැලුවොත් ඔය වැඩේ කරගන්න වෙන්නේ නල්ලතන්නියේදී තමයි. දැන් හිටපු ඇමතිවරුන්ටත් හමුදා රැකවරණය නැතුව පාරේ බැහැල යන්නත් බැරි තත්වයක් උදාවෙලා කියලා දන්නේ නැද්ද මහත්තයෝ...?
ඔය කාගේ කාගෙත් කෙරුවාවල් අපි හොඳටම දන්නවා. රැවැට්ටුවා ඇති. දූෂිත දේශපාලුවන්ගේ අමන කතා අහන්න දැන් ජනතාව ලෑස්ති නැහැ...
මේක අර මැක්කාගේ තතාව වගේ. එන්නෙම පොහොට්ටුවට. කොටින්ම කියනවා නම් ලබන ඡන්දේදිත් රාජපක්ෂලාම රජ කරවන්නයි ඔය වටේ එන්නේ. එව්වා හඳේ මන්ත්‍රීතුමෝ. මිනිස්සු ඔය ගොනා විකුණලා දැන් ටිකක් කල්...
සර් ජනාධිපති..., ඩලස් අන්තර්වාර අගමැති, බැසිල් පොහොට්ටු මන්ත්‍රී 60ක් එක්ක විපක්ෂ නායක.. ඔහෙලා ඔක්කොම දිනුම්.
දේශපාලන වේදිකාවේ දකින චරිත අතර ඩලස් අලහප්පෙරුම මහතා අපි හඳුනන්නෙමු. එකම වරද ඔහුට නොගැලපෙන දේශපාලන කණ්ඩායමක් නියෝජනය කිරීමයි. වර්තමාන තත්ත්වය ගැන සලකන විට ඔබතුමා රාජපක්ෂ අගමැතිවරයා ගැන කිව්වේ පට්ට බොරුවකි. වාසියට, තනතුරුවලට ඇති කෑදරකමට කතාකරන ජනතා නියෝජිතයින් අද රටේ ඇති අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතුයි. අද ජනතාවගේ ඉල්ලීම පොහොට්ටුව නියෝජනය වෙන පාලනයක් නොවේ. එය ඔබලාට තවමත් ඇසුණේ නැතිද? සමහරවිට පිරිත් හඬ නිසා ඇසෙන්නේ නැතිව ඇති....
කරුණාකරල රාජපස්සලාට කඩේ යන එක දැන්වත් නවත්තන්න .
පිස්සුව තද වෙලා. ආයිත් පොහොට්ටු ආණ්ඩුවක්. දවල් හීන. කොහොමත් එපා රටටම එපා.
ඩලස්ට අගමැතිකම කරන්න පුළුවන් නම්, පොහොට්ටුවට පාර්ලිමේන්තු බහුතරය තිබෙනවා නම් අන්තර්වාර රජයවල් කුමටද? තනියම කරගන්න බැරිද? ලෝකයා පුරා ශ්‍රී ලාංකික ජනතාව උද්ඝෝෂණ කරමින් ඉල්ලන්නේ ඔය විකාර නොවේ. මුලින්ම අනිවාර්යයෙන් ගෝඨාභය සහ මහින්ද ගෙදර යා යුතුය. එහෙම නොකළොත් කිසිවෙක් ලංකාවට බැංකු හරහා ඩොලර් එවන්නේ නැත.