
(විමුක්ති එස් රුද්‍රිගු)
සිරියානු කැරැලිකරුවන් එරට බලය අල්ලා ගැනීමත් සමග මෙම සතියේදී පමණක් ඊශ්‍රායල හමුදාව සිරියාව පුරා පිහිටි ඉලක්ක 500 කට පමණ ප්‍රහාර එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ප්‍රහාරවලින් ලක්ෂයකට වඩා වැඩි ජනතාවක් අවතැන් වී ඇති බවද පැවැසෙයි.
එම ප්‍රහාරවලින් සිරියානු හමුදාවට අයත්ව තිබූ උපාය මාර්ගික අවි ගබඩා රැසක් විනාශ වී ඇත.
එලෙස විනාශ වූ ඉලක්කවලට ගුවන් යානා නාශක බැටරි, හමුදා ගුවන් තොටුපලවල්, ආයුධ නිෂ්පාදන ස්ථාන, ප්‍රහාරක ගුවන් යානා සහ මිසයිලද ඇතුළත් බව පැවැසෙයි.
එපමණක් නොව ඊශ්‍රායල මිසයිල යාත්‍රා අල්-බයිඩා සහ ලටාකියා වරායන්හි පිහිටි සිරියානු නාවික පහසුකම්වලටද පහරදී ඇති බවත් ප්‍රහාර එල්ලවන අවස්ථාවේ සිරියානු නාවික යාත්‍රා 15ක් එම වරායන්හි නවතා තිබී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ වනවිට ඊශ්‍රායල හමුදා සිරියානු දේශසීමාව තුළට සඳහන් වේ.
සිරියානු කැරැලිකරුවන්ට එම අවි ගබඩා අයිතිවීම වැළැක්වීම සඳහා එම ඉලක්කවලට පහර දීමට තමන් අණදුන් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර 500ක්
හසක Thursday, 12 December 2024 06:19 PM
වියයුතු දෙයක්. සිරියානු හමුදාවල තියෙන රසායනික අවි, බැලස්ටික් මිසයිල වගේ සමූහ ඝාතක අවි අනවශ්‍ය කන්ඩායම් අතට පත් වුනොත්, හූති ගරිල්ලෝ වගේ නැව් වලට පහරදීම වගේ ත්‍රස්තවාදී වැඩ වෙන්න පුළුවන්...