(විමුක්ති එස් රුද්‍රිගු)
හමාස් සටන්කාමීන් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයෙන් පසුව අතුරදන් වී සිටින ශ්‍රී ලාංකික ජාතිකයෙකු වන සුජිත් බණ්ඩාර යටවර මහතා හාමාස් සටන්කාමීන් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර සිටීමට ඉඩක් තිබෙන බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට සහ සුජිත් බණ්ඩාර යටවර මහතාගේ පවුලේ සාමාජිකයන්ට මේ පිළිබඳව දැනුම් දී ඇතැයි තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.එසේම ඊශ්‍රායල පොලිසිය හඳුනා නොගත් මළ සිරුරු වලින් ලබා ගත් ඩී.එන්.ඒ සාම්පල යටවර මහතා ගේ දරුවන්ගෙන් ලබා ගත් ඩී.එන්.ඒ සාම්පල සමඟ ගැලපීමක් තිබෙනවා දැයි විමර්ශනය කරමින් සිටින බවද තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මුලින් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 222 ලෙස සටහන් වූවත් නව යාවත්කාලීන කළ තොරතුරු වලට අනුව අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 239 ක් බවද තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.එසේම මේ වන විට ප්‍රාණ ඇපකරුවන් 4 දෙනකු හමාස් සංවිධානය නිදහස් කර ඇති බව තානාපතිවරයා පැවසුවේය.
එවන් පසුබිමක් තුළ සුජිත් බණ්ඩාර යටවර මහතා බේරා ගැනීම සඳහා ඊශ්‍රායල රජය සහ සියලුම පාර්ශ්ව සමඟ එකතු වී කටයුතු කරන බවද තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායලයේදී අතුරුදන් වූ යටවර ප්‍රාණ ඇපකරුවන් අතර?