
ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි.
පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය.
ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලයට නොවෙයි, තහනම් නියෝග දෙන්න ඕනෑ මුලින්ම යුද්ධය ආරම්භ කරපු අයට හා ඔවුන්ට සහයෝගයක් දුන්නු අයට තමයි කියලා තේරුම් ගන්න බැරිද? ගහන්න ගහන්න වදින්න ගියාම බැහැ. ඒනිසා මුලින්ම ගහපු කට්ටිය වැන්දොත් යුද්ධය නැවැත්වීමට කටයුතු කරන්න ඕනෑ.
ත්‍රස්තවාදීන් පළමුව ඊශ්‍රායලය ට නොකියාම ප්‍රහාරයක් එල්ල කර අඅහිංසකයින් ට කළ මහා අපරාධය ගැන මොවුන් කිසිවක් කතා කරනැත. එදා අපේ රටේ L.T.T. E ත්‍රස්තවාදීන් ට ඇතැම් සංවිධාන උපකාර කළේ මේ අයුරිනි.
ඒක හරි. රුසියාවට වරෙන්තු නිකුත් කලා නම්...මෙතරම් දෙයක් කරන ඊශ්‍රායලයට නැත්තෙ ඇයි? එහෙම නම් රුසියාවට නිකුත් කළ වරෙන්තුව ඉවත් කරන්නත් ඔ්න. ලංකාවට එරෙහි ක්‍රියා නවත්තන්න ඔ්න
ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඔවුන් ලෝක සිතියමින් අයින් කරන්නයි මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අවශ්‍ය වුනේ.. ගාසාතීරය පුරාම උමං මාර්ග හදලා, ආයුධ එක්රැස්කරනකන් ෙම් ඔක්කෝම බලං හිටියා.. නිකං සමාදානෙන් හිටපු ඊශ්‍රායලයට රොකට් 7000ක් එල්ල කරලා රට විනාශ කරලා මිනිස්සුන් මරා දැම්මා.. දැන් විඳවනවා.. අහිංසක දරුවෝ, වැඩිහිටියන් කොහොමත් පව්, ඔවුන්ට ඉවත් වන්නට තිබුණා.., ඔවුන්ව මිනිස් පලිහක් විදිහට භාවිතා කරනවා.. දැන් ත්‍රස්තවාදීන්ට ඕනෑ මුළු ඉස්ලාම් සමාජයම මෙයට එකතු කරගන්න විතරයි. යුද්ධය දෙන්නේ විනාශයක්ම විතරයි..