
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය එකතුවී ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය අද (02) වාර්තා කළේය.
ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ යුතු හොඳම සහ වැඩිම හානියක් කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉරාන රජයේ ඉහළ නිලධාරීන් ලෙබනනය, ඉරාකය සහ යේමනයේ සිය හිතවාදීන් ඊයේ (01) ටෙහෙරානයේදී මුණ ගැසී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම සාකච්ඡාව සඳහා හිස්බුල්ලා, හවුති, ඉස්ලාමීය ජිහාඩ් සහ හමාස් සංවිධාන මෙන්ම ඉරාක සන්නද්ධ කණ්ඩායම් වල ඉහළ පෙළේ සාමාජිකයන් සහභාගීවී ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය.
ඉරානය සිරියාවේ සිට ඩ්‍රෝන යානා යොදා ගනිමින් ගුවන් ප්‍රහාරයකට සූදානම් වන බවට එක්සත් රාජධානිය පදනම් කරගත් යුද නිරීක්ෂණ කණ්ඩායමක් අනතුරු අඟවා ඇති බවත් බොහෝ දුරට එම ප්‍රහාරය සිරියාවේ ඩමස්කස් නුවර සහ සිරියානු කාන්තාරවල සිට එල්ල වීමට ඉඩ තිබෙන බවට එම කණ්ඩායම අනතුරු අඟවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය මැඩ පැවැත්වීමට ඇමෙරිකා භටයන් මැදිහත් නොවූවොත් ඔවුන් ඉලක්ක නොකරන ලෙස සියලුම සංවිධානවල සාමාජිකයන්ට අණ ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිබලයෙන් ජයගත් රටක් මෙලෝකයේම නැත. ඒ නිසා සාමකාමීව රටරටවල් අතර ගැටළු නිරාකරනය කරගැනීම වඩාත් යහපත්ය.
සූදානම් වීම පහසුයි- සටන් කිරීම තමයි අමාරු.. ගුටි කද්දී ඒකරාශී වෙච්චි අය විසිරිලා යති...
කුමේනිට සිය ජීවිතයේදී තම ජනතාව සමග අනුභව කරන්නට ලැබෙන රසම රස බිරියානියත් සූදානම් වෙමින් පවතින බවට සැකයක් නැහැ.
මැද පෙරදිග අවාසනාවන්ත ඉරණමකට ඇද වැටීම නියතයි. මැද පෙරදිග කලාපීය රටවල් ධන බලය හා ජීවන තත්වය රැඳී ඇත්තේ ප්‍රධාන කොටම ඛණිජ තෙල් මතයි. ආහාර සුරක්ෂිත බව ඇත්තේ විදේශ රාජ්‍ය මතයි. එය ද මැද පෙරදිග කලාපීය රටවල් මත නොවේ. යුද අවි නිෂ්පාදනයට දායක වන්නේ ඉරානය සහ පාකිස්ථානය යන දෙරටයි. ඉරානයේ යුද අවි නිෂ්පාදනය ද බොහෝ අමුද්‍රව්‍ය කලාපයෙන් බැහැර රටවලින් සපයා ගනී. මැද පෙරදිගට හිතවත් රටක් ලෙස සෘජුව ඇත්තේ ප්‍රබල රුසියාවයි. රුසියාවට යුක්රේනය සමඟ නො නවතින යුද්ධය හේතුවෙන් ඉරානයට යුද්ධමය වශයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම සැක සහිතයි. මේ අවස්ථාවේ යුක්රේනය සමඟ යුද වැදීම නවතා ගැනීමට රුසියාවට ද අවශ්‍ය බවක් පෙනේ... එසේ වුවොත් ඉරානයට සහ ඉරාන හිතවාදී රටවලට හිතකර බවක් උදාවීමට පුළුවනි. රුසියාවේ යුද ආධාර සෘජුව සහ වක්‍රව ලැබීමෙන්. මේ අවස්ථාවේ නේටෝව ඇතුලු බටහිර රටවල් යුක්රේන යුද්ධය නවතා එයට ඉඩක් නො තබනවා ඇත. මැද පෙරදිග කලාපය ආහාර වලින් ස්වයංපෝෂිත නොවීමත් යුද අවි නිෂ්පාදනයෙන් දියුණුවක් නොවීමත් හේතුවෙන් ඉරානය ඇතුළු ඉරාන හිතවාදී රටවල් නියත ලෙස විනාශ වීම නොවැළැක්විය හැක. විශේෂයෙන්ම න්‍යෂ්ටික අවියකට ප්‍රමාණවත්...
යුරේනියම් බල ගන්වා ගැනීමට මත්තෙන් බටහිර රටවලින් ඉරානය බේරීමට නොහැකි වනු ඇත. සතුරු ප්‍රහාරයකදී වහා ගිනි ඇවිලෙන තෙල් ළිං හා ඉන්ධන ගබඩා සංකීරණ විනාශ වනු ඇත. ඒවා නැවත ප්‍රයෝජනය ගත නොහැකි ලෙස විනාශ වීමත් එමගින් ආර්ථිකය බලවත් ලෙස කඩා වැටීමෙන් ජනතාව මහත් ව්‍යවසනයට පත්වීම නොවැළැක්විය හැකිය. ඉරානයට සහ ඉරාන හිතවාදී රටවලට අත් වනුයේ කඳුලු සහ සෝ සුසුම් පමණක් වනු ඇත. කලාපයේ අනෙක් රටවලට ද ඒ ආර්ථික කඩා වැටීමේ ඛේදවාචකය අත් විඳීමට සිදුවීම නියතයි.
ඔය ඉරානය කියන අය තමයි ත්රස්තවාදීන්ට මුදල් දෙන්නේ, ඔවුන්ව විනාශ කරලා දාන්නම ඕනෑ...