IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !

මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි.

දෙපාර්ශ්වය අතරේ සාකච්ඡා පැවැත්වූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරදීය. සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කළේ කටාර් රාජ්‍යයයි.

කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහමාන් බින් ජසීම් අල් තානී කියා සිටියේ සටන් විරාමයත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරනු ඇති බවය.

ඒ සමඟම, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත්වුණු පලස්තීනුවන්ට කඩිනමින් මානුෂීය ආධාර හිමිවනු ඇතැයි ද පැවැසෙයි.‍

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා සටන්කාමීන් ද සමඟ හවුල් වී, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්කවලට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවෝ 46,707 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 110,265 කි.

(අල් ජසීරා)



අදහස් (0)

ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17826 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site