IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල හමාස් සටන් නවත්වන්න

ඊශ්‍රායල හමාස් ගැටුමට වහා මැදිහත් වී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉරාන ජනාධිපති රයිසි, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් මෙම ඉල්ලීම කළේ දුරකතන ඇමතුමක් දී, ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වමිනි.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඉන්දියාවේ කාර්යභාරය වැදගත් බව ඉරාන ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පෙන්වා දී තිබේ. මේ වනවිට ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 10,000 කට වැඩි දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.

යුදෙව් ඊශ්‍රායලය, මුස්ලිම් පලස්තීන වැසියන් පීඩාවට පත් කිරීම වැරදි බවත්, පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුළු ලෝකයම ඊශ්‍රායලයට විරුද්ධ විය යුතු බවත් ඉරාන ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඊශ්‍රායල හමාස් සටන් නවත්වන්න

Ahmed (Gulf) Tuesday, 07 November 2023 11:16 AM

සාතන් ජනිත කරන මෙම ඉරාන ත්‍රස්තවාදය මැදපෙරදිග සියලුම රටවලට ශාපයකි.

:       7       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site