IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඊශ්‍රායල් රැකියා වලට වෙබ් අඩවියෙන් අයැදුම් කරන්න ඉඩ

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතර වන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාල රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා ලබන 14 දා තෙක් වෙබ් සබැදිය විවෘත බව කාර්යංශය කියයි. 

ඒ අනුව විදුලි පේනු සවි කිරීම, බිත්ති බැඳීම, පොටි ඇඳීම, පාර්ටිෂන්,සෙරමික් ටයිල් අතුරන්නන්, කපරාදු යන රැකියා සඳහා  අයැදුම් කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

මේ ක්ෂේත්‍ර යටතේ අයැදුම්කරුවන් 1500 ක් බඳවා ගැනීමට නියමිතය.  රැකියා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවේ.  

වයස අවුරුදු 25-45 අතර, මීට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කර නොමැති, අවම වශයෙන් 10 ශ්‍රේණිය සමත් පුද්ගලයින්ට මේ සඳහා අයැදුම් කළ හැකි අතර, ඔවුන්ට තෝරාගන්නා රැකියා කාණ්ඩය සඳහා මනා දක්ෂතාවයක් හා පළපුරුද්දක් ලබා තිබිය යුතුය.

මූලික පරීක්ෂණයකින් පසුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) යටතේ දිස්ත්‍රික් මධ්‍යස්ථාන වලදී අයැදුම්කරුවන්ගේ මූලික කුසලතා ඇගයීම් සිදුකරනු ලැබේ. ඉන් සමත්වන අයැදුම්කරුවන් නැවත කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය වෙත යොමුකරන අතර, එම පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ඊශ්‍රායලයේ PIBA ආයතනය වෙත ලොතරැයි ක්‍රමවේදයට ඇතුළත් කිරීම සඳහා යොමුකරනු ලැබේ.

මෙම රැකියා ලබා ගැනීම සඳහා කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් නොගෙවන ලෙසත්, එලෙස මුදල් ගෙවීම හෝ ලබාගැනීම නීති විරෝධී බවත් කාර්යාංශය සඳහන් කරයි. 



අදහස් (8)

ඊශ්‍රායල් රැකියා වලට වෙබ් අඩවියෙන් අයැදුම් කරන්න ඉඩ

සෙනෙවිරත්න Thursday, 11 September 2025 06:30 AM

මේක තමයි වෙනස, කලින් කලේ ගමේ ඒජන්තල හරහා ගාණක් ඇමැතිට ගෙවලා , මේ වෙනස පිළිගන්න බැරි උන් තමයි විපක්ෂය උන් බලාගෙන හිටියෙ ඒ මජර ක්‍රමයම ඉදිරියට ගෙනියන්න. ගම්වල ඒජන්තල ඇමැතිල පෝසත් වුණා, ඒ අයට සිරගෙවල් නියමිතයි.

:       0       2

mv chaminda Thursday, 11 September 2025 08:17 AM

හොදයි

:       0       0

Jayalath Thursday, 11 September 2025 05:58 PM

හොදයි..

:       0       0

Rathnayaka mudiyanselage wasantha pushpa kumara bandara Thursday, 11 September 2025 06:52 PM

හොදයි...

:       0       0

විජේතුංග මුදියන්සේලාගේ තිලක් කුමාර Thursday, 11 September 2025 09:55 PM

ඇත්තටම මේ ක්‍රමය හොදයි.

:       0       0

විජේතුංග මුදියන්සේලාගේ තිලක් කුමාර Thursday, 11 September 2025 09:58 PM

හොඳයි.

:       0       0

H.A Asanka wijeratna Monday, 01 December 2025 10:38 AM

හොඳ වැඩපිළිවෙලක්

:       0       0

HA Asanka wijeratna Monday, 01 December 2025 10:39 AM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site