
(සුජිත් හේවාජුලිගේ)
ආන්දෝලනයට තුඩු දුන් ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පැවසීය.
මෙම විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බවත් විමර්ශනවලින් අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබෙන බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
එම ගනුදෙනු වලට අදාළ ආයතනවලින් වාර්තා කැඳවීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද කාර්යාලය පවසයි.
ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.
මේ අතර රජයේ වාහන සම්බන්ධ විගණනය මේ දිනවල කරගෙන යන බව විගණකාධිපතිවරයා පැවසීය. සියලු ආයතන වලින් තොරතුරු ලබා ගැනීමට සිදුවන හෙයින් එම විමර්ශනයට තවත් කාලයක් ගතවනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු ජනවාරියේ පාර්ලිමේන්තුවට