(නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ඊ. ටී. අයි ෆීනෑන්ස් ලිමිටඞ් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක හේමාල් එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ, දීපා අජංලී එදිරිසිංහ සහ අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන ඇප මත මුදා නොහරින ලෙස ඉල්ලමින් එම තැන්පත්කරුවෝ අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවකට එක්ව සිටියහ.
තම තැන්පතු ආපසු ලබා ගැනීම සදහා අධිකරණයෙන් සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසට ඉල්ලමින් ඊ ටී අයි තැන්පත්කරුවන් සියයකට වැඩි පිරිසක් එම විරෝධතාවට එක්ව සිටියේ විරෝධතා පුවරු ද අතැතිවය.
මෙහි සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ ඉකුත් 08 වැනිදාය. පසුව 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (12) වන තෙක් රක්ෂිත බාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබිණී.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද (12) මේ වන විටත් විභාග වෙමින් පවතියි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd