IMG-LOGO

ඊජිප්තුව බැංකු ගනුදෙනු සීමාකරයි

කොවිඩ් - 19 වසංගතය පැතිරීම හේතුවෙන් බැංකුවලින් මුදල් ආපසු ගැනීම සීමා කිරීමට ඊජිප්තු මහ බැංකුව කටයුතු කර තිබේ. ඒ අනුව එක් පුද්ගයකුට දිනක දී ආපසු ගත හැකි උපරිම මුදල ඊජිප්තු පවුම් 10,000ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් 635කි.  එය ශ්‍රී ලංකා රුපියල් 120,000 ක් පමණ  වෙයි

ඊජිප්තුවේ සමාගම් වලට බැංකුවකින් ගත හැකි සීමාව ඊජිප්තු පවුම් 50,000කි.  එසේ වුව ද සේවක වැටුප් ගෙවීම හෝ දිමනා ගෙවීම සඳහා මුදල් ලබා ගන්නා ව්‍යාපාර සඳහා මුදල් ආපසු ගෙවීමේ සීමාවක් නොමැති බව ද එරට මහ බැංකු ප්‍රකාශකයකු පවසයි.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ආපසු ගන්නේ නම් එය ඊජිප්තු පවුම් 5,000කට සීමා කර ඇති අතර ටෙලර් යන්ත්‍ර භාවිතා කරමින් තැන්පත් කළ හැකි උපරිම මුදල ද පවුම් 5,000ක් ලෙස සීමා කර තිබේ.

පසුගිය සති තුන තුළ ඊජිප්තු පවුම් බිලියන 30ක් හෙවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 11.91ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 367ක් පමණ.) බැංකුවලින් ඉවත්කර ඇතැයි ඊජිප්තුවේ මහ බැංකු අධිපති තාරෙක් අමර් පවසා තිබේ.

ඔහු මෙසේ ද පවසා තිබේ.

''පුද්ගලයන් තමන්ට අවශ්‍ය නොවුනත් බැංකුවලින් මුදල් ලබා ගන්නා බව අපට පෙනී ගියා. පසුගිය සති තුනේ දි ඔවුන් පවුම් බිලියන 30ක් ඉවත් කරගෙන තිබෙනවා. අපට යම් විනයක් තිබිය යුතුයි. අපි ජීවත්වෙන්නේ පොදු සමාජයේ. අන් අය ගැනත් අපි සිතා බැලිය යුතුයි. මුදල් නෝට්ටු භාවිතය සීමා කරන ලෙසත් විද්‍යුත් මුදල් හුවමාරු සහ විද්‍යුත් මුදල් ගෙවීම් මත විශ්වාස තබන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. "

ඊජිප්තුවේ මේවනවිට කොරෝනා වයිරස ආසාදිතයන් 609ක් සහ මරණ 40ක් වාර්තා වී තිබේ.
 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඊජිප්තුව බැංකු ගනුදෙනු සීමාකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site