
(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව අන්තර්ජාලය හරහා නිකුත් කරන දුම්රිය ප්‍රවේශපත් ‘ඊ ටිකට්’ වංචාව පිළිබඳ පරීක්‍ෂණයට අදාලව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මගීන් 100 කට අධික සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන්කරගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘ඇල්ල ඔඩිසි’ දුම්රිය ඇතුළු ප්‍රධාන දුම්රිය හතරක මගීන්ගෙන් මෙසේ ප්‍රකාශ සටහන්කරගත් බවත් ප්‍රකාශ දුන් පිරිස අතර විදේශ සංචාරකයන් රැසක් ද සිටින බවත් එම නිලධාරියා කීය.
එම ප්‍රකාශ දුන් විදේශිකයන් ඇතුළු මගීන්ගෙන් බොහෝ දෙනෙක් අතරමැදියන්ගෙන් ‘ඊ ටිකට්’ මිලදී ගෙන තිබූ බව කී එම නිලධාරියා ඒ අතරින් බොහෝ දෙනෙක් රුපියල් 25,000, 30,000 වැනි ඉහළ මිලට ‘ඊ ටිකට්’ මිලදී ගෙන තිබූ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස 18 වැඩි හැමෝගෙම ටිකට්වල හැදුනුම්පත් අංකය ඇතුළත් වුණානම් හරි. ටිකට්පත අන්සතු කල නොහැකියි.
ඊ ටිකට් පමණක් නොවේ පුරාවිද්‍යා ස්ථාන වල හොර ටිකට් ලෝකාන්තය හොර පාරවල් යූටියුබ් බැලුවොත් විදේශිකයන් ගසාකන මඟ පෙන්වන්නන් සහ හෝටල් වීදි වෙළන්දන් සියල්ල නියාමනයක් කළ යුතුයි